ඒ කොහොම උනත් මේ දිනවල ජවිපෙ නටන අලුත් නාඩගම , 'කොමිසම් භීෂණය'ය.
ජවිපෙ ඉතිොසයේ පටන්ම නීත්‍යානුකූල වැඩවලට කැමැත්තක් දක්වපු පක්ෂයක් නොවේ. 1971 දී 1987-89 කාල වලදීත් ආයුධ සන්නද්ධ බිහිසුණු කැරළි දෙකක් මෙහෙයවා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට ඔවුන් උත්සහ කළේය. ඒ වෙනුවෙන් සිය දහස් ගනනක් මිනිසුන් මරා දැමුවේය. රු බිලියන සිය ගනනක රාජ්‍ය දේපොළද විනාස කර දැමුවේය. රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවදී ක්‍රමවේදයක් රට තුල පිහිටුවා තිබියදී, ඒ මඟ අත්හැර ආයුධ සන්නද්ධ කැරලිකාරිත්වයකට ජවිපෙ ගියේ ඇයිදැයි අදත් මේ ජවිපෙට කෙළින් පිළිතුර දිය නොහැකි ගැටලුවකි.
ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වෙනවා වෙනුවට එම පක්ෂය ආරම්බ කිරීම්ද සිදු කළේ ද මහ කැළෑවක් තුල රහසිගතවය. මෙය ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ මානසික ලෙඩක් නිසා සිදුවූවක් බව හිටපු ඇතැම් ජවිපෙ නායකයන්ම නිතර පෙන්වා දෙන්නකි. මේ ආරම්බයේ පටන්ම අදටත් රහසිගත බව ඔවුන් විසින් පවත්වාගෙන යෑම සිදුවෙමින් තිබේ. ඒ වත්මන් නායකයන්ගේ මානසික ලෙඩක්ද විය හැකිය. කොහොම වුණත් එහි අදටත් සැඟවුණු නායකයන් සිටී. සැඟවුණු සාමාජිකයන් සිටී. සැඟවුනු වැඩ පිලිවෙලවල් තිබේ. සැඟවුනු දේශපාලන ගනුදෙනු (ඩීල්) තිබේ. මෙය ජවිපෙ අනන්‍යතාවය බවට පත්ව ඇත. ඒවා අත්හල විට ජවිපෙයක් කියා දෙයක් පවතින්නෙ නැති තරමට තවමත් එම තත්වයන් උග්‍රය.
1994 න් පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එකතු වූ බව කියමින් මැතිවරණ දේශපාලනයට යොමු වූ බව ප්‍රදර්ශනය කළද ජවිපෙ ඇත්තටම සමාජය හමුවේ සිටියේ වෙස්මුහුණු බැඳගෙනය. කාලෙන් කාලෙට මේ වෙස් මුහුණු මාරු කිරීම ජවිපෙට ආවේනික ආකාරයකින් සිදු විය. ඒවා අතිශය නිර්මාණශීලීය භාවාතිශයය. මේ නිසා තවදුරටත් ඔවුන්ගේ මේ හැකියවට වශී වී රැවටුණු හෝ ඒ අදහන වහල්භාවය පත්වූවන් සියයට 3 ක පමණ පිරිසක් ඉතිරිව සිටී.
මේ සියයට 3ත් සමඟ එකතුව දැන් නටන කොමිසම් භිෂණ නාඩගම ගැන රටේ සාතිශය බහුතරය වන සියයට 97 කම ජනතාවට තේරුම් ගත හැකි වූවත් මේ සියයට 3 ට එය තේරෙන්නේ නැත. පසුගියදා දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් සභා වාර්තාව නිකුත් වීමෙන් පසුව මේ සියයට තුන කළඹල වූයේ තමන්ගේ ක්‍රමයට මේ කොමිසම් සමඟ ප්‍රශ්න බේරා ගැනීමට නොහැකි වන බව දැන ගෙනය. මේ නිසා ඔවුන් බියට පත් විය, කොමිසම තමන්ට එරෙහිව මහා භීෂණයක් දියත් කර ඇතැයි ඔවුන් වැරැදියට තේරුම් ගෙන තිබේ. ජවිපෙ ජාතකේ හැටියට එහෙම නොවුණානම් තමයි පුදුම.
ජවිපෙ ප්‍රශ්න විසඳුවේ කැලෑ උසාවි ක්‍රමයෙන්ය. චූදිතයන්ට නිදහසට කරුණු කියන්න හෝ ඉඩ නොතබා ඔළුවටම වෙඩි තබා ඝාතනය කිරීම මේ කැළෑ උසාවි ක්‍රමයයි. දැන් ජවිපෙ කල්පො කරන්නෙත් මේ කොමිසම , ඔවුන්ගේ කැළෑ උසාවියක් බඳු එකක් කියාය. මෙහි සභාපති හා සාමාජිකයන්, ජවිපෙ පක්ෂ නායකයන් මෙන් වගවිභාගයක් නැතිව නියෝග නිකුත් කරනු ඇතැයි කියා ඔවුන් සිතා සිටිති. කොමිසමේ නිර්දේශ යනු ජවිපෙ නියෝග මෙන් වෙනස් කළ නොහැකි ප්‍රශ්න කළ නොහැකි අවසානාත්මක පරම පූජනීය උත්තරීතර ඒවා ඇයිද සිතති. මේ නිසා දැන් කොමිසමේ සාමාජිකයන්ව ජවිපෙට පෙනෙන්නේ තමන් ගොදුරු කරගැනීමට එන මිනීකන වියරු උන්මන්තක යක්ෂයන් මෙන්ය.
මේ කොමිසන් සභා සමාජිකයන් පක්ෂග්‍රාහී උන්මන්තකයන් යැයි හැඟෙන ලෙස ජවිපෙ නායකයන් අද යම් යම් ප්‍රකාශ නිකුත් කරමින් සිටියද ජවිපෙම සම්බන්ධ වී දේශපාලන පළිගැනීම සිදුකළ යහපාලන යුගයේදී ඒ මර්දන කමිටු වලට පත්කරගත් ඇතැම් ප්‍රධානින් ඇත්තටම මානසික රෝගීන්ව සිටි අය බව ජවිපෙ එදා නොදැක්කේය. ඒ එක් ප්‍රධානියකු ගැන කියනවා නම් තරුණ අවධියේදී නාවික හමුදාවට එක්ව සිටිය දී මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට නොහැකි වීම මත නිවික හමුදාවෙන් ඉවත් කළ අයෙකි. ඔහු පසුව නීතිය හදාරා නඩු විසඳන්නකු විය. ඒ ඇතැම් තීන්දු ගැනද නීති ක්ෂේත්‍රයේ විවාද ඇතිව තිබිණි. මේ අය කැළෑ උසාවි විනිසුරු භූමිකාවේ රංඟනයක යෙදෙමින් දේශපාලන සතුරන් දඬයමේ ගිය හැටි දැන්වත් ජවිපෙට මතක් වෙනව නම් ඒකත් ලොකු දෙයකි.
කොහොම නමුත් ජවිපෙට තිබෙන ගැටලුව මේ කොමිසම් හමුවට ඇවිත් නීත්‍යානුකූලවත් ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශයන් අනුවත් පෙනී සිටිමින් තමන්ගේ සත්‍යවාදී බව පෙන්වීමට නොහැකි වීමේ ගැටලුවයය. තමන් නිවැරදි නම් ඒ බව කියන්න කිසිවකුත් බිය වියයුතු නැත. ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බිය වියයුතු නැති බවට ජන සමාජයේ කතාවක් තියෙන්නෙත් තමන් සත්‍යවාදී නම් කිසිවකුත් ඉදිරියේහි බිය වියයුතු නැති බව කවුරුත් පිළින්නා නිසාය.
එහෙත් ඇත්තම දේ ජවිපෙට තමන් නිවැරදි බව නීතිය ඉදිරියට පැමීණ ඔප්පු කිරීම්ට නොහැකි වීමය. ඇවන්ට් ගාර්ඩ් සිදුවීම අරඹයා එම ආයතන ප්‍රධානී නිශ්ශංක සේනාධිපති මහතා තමන්ට එරෙහිව නඟන චෝදනා ගැන විවෘත විවාදයකට පැමිණෙන ලෙස කිහිපවතාවක්ම අභියෝග කළ මුත් ජවිපෙ ඊට මුහුණ නොදී සැඟවිය. මෙවැනි තවත් උදාහරණ ඕණෑ තරම් තිබේ. ජනාධිපති කොමිසම මඟින් තම නායකයා වෙච්ච අනුර කුමාරගේ ප්‍රජා අයිතිය නැති කරන්න ආවොත් කැරලි ගසනවා වගේ කතා ඔවුන් වෙතින් කියවෙන්නේ සත්‍යයට මුහුණ දීමේ මේ නොහැකියාව නිසාය. තමන් සත්‍යවාදි නම් කැරලි ගසන්න දෙයක් නැත. කොමිසම් භීෂණයක් කියා අලුත් නාඩගම් නිර්මාණය කිරීමට අවශ්‍ය නැත. කොමිසම හමුවට ඇවිත් සාමකාමීව, යුක්ති සහගතව, සාධාරණව, නීත්‍යානුකූලව, වැදගත් මහත්වරු විදිහට කරුණු කාරණා දක්වා තමන්ට තිබෙන චෝදනාවෙන් ගැලවීමට සියලු ආකාරයේ නිදහසක් අයිතියක් ලබා දී තිබෙන වටපිටාවක ජවිපෙ මේ අලුත් නාඩගම පට්ට විහිළුවකි.
මේවා දිහා හිනා වෙවී බලන් සිටිනවා විනා වෙන කරන්න දෙයක් නැත.
- the novemberist