යුධ අපරාධ කළා.. යුක්තිය ඉටු කරනු ! - බිමල්ගෙන් ආණ්ඩුවට සද්දයක් Featured

Thursday, 11 February 2021 14:34

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගියදා කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උතුරේ දෙමළ ජනතාවට යුක්තිය ඉ‍ටු කරන ලෙස ඉල්ලා සිටියේය.

එහි ගැටලුවක් නැත එය උතුරේ පමණක් නොව සමස්ත ජනතාවටම සිදු විය යුතුය. එහෙත් මෙහිදී ඔහුගේ ප්‍රකාශය සාධාරණීයකරණය වෙනුවෙන් ඔහු අවධාරණය කළේ යුධ සමයේදී යුධ අපරාධ , මානව හිමිකම් උල්ලංඝනය වීම් හැම පාර්ශ්වයකින්ම සිදුව තිබෙන බවත් ඒ පිළිබඳව යුක්තිය ඉ‍ටුවීම විය යුතු බවත්ය.

යුධ අපරාධ හෝ මානව හිමිකම් උල්ලංඝනය වූවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ විවදාත්මක තත්වයකි. පසුගිය රාජපක්ෂ පාලනය විසින් එල්ටීටීඊය මර්දනය කර එම සටන ජය ගැනීමෙන් පසුව මෙරටට ජාත්‍යන්තර වශයෙන් යුධ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන චෝදනා රැසක් එල්ල විය. ඒවා පදනම් කරගෙන රාජ්‍ය නායකත්වයට හමුදා නිලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණ වීම මෙන්ම රටට ආර්ථික සම්භාධක දැමීම වැනි දේ වෙනුවෙන් මෙම ජාත්‍යන්තර සංවිධාන උනන්දු විය. මේ චෝදනා පදනම්කරගෙන එවකට විපක්ෂ කණ්ඩායම්ද පැවැති රජයට එරෙහිව ජන මතයන් ගොඩ නගන්නට විය. ඒ අනුව දෙමළ සහ මුස්ලිම් බහුතර ප්‍රජාවගේ සහයෙන් එම ආණ්ඩුව පෙරළා දමා මේ අයට යුක්තිය ඉ‍ටු කිරීමේ පොරොන්දු මතින් රාජ්‍ය බලය අත්පත් කරගැනිමට සමත් විය. එහෙත් එම අවුරුදු 5 තුලද ඒ කිව්ව යුක්තියක් ඉ‍ටු කිරීමක් සිදු වූයේ නැත. විපක්ෂයේ සිටියදී යුධ අපරාධ හා මානව හිමිකම් චෝදනා එල්ල කළද ආණ්ඩු බලය ගත් විට ඒ චෝදනා ගැන මීක් නැතිව සිටියේය. සත්‍ය වශයෙන්ම එහෙම එල්ල කරන්න තරම් චෝදනාවක් තිබුණේ නැත. ඒ අනුව ඒ කිව් යුක්තිය පසිඳලීම තබා උතුරු නැගෙනහිර ජන්තාව මුහුණ දෙමින් සිටි ආර්ථික සහ සාමාජීය ගැටලුවලට හෝ විසඳුම් ලබා දීමට සමත් වූයේ නැත. හැකි තරමකින් හෝ ඒ ජනතාව ගැන බැලුවේද පැවැති රාජපක්ෂ පාලනය විසින්ය. එදා යහපාලකයන් කළේ ප්‍රශ්න ගොඩ නැවත නැවත තොරොම්බල් කරමින් එම ජනතාව රවටනු ලැබීම පමණය. එදා ජවිපෙ හෝ මේවා ගැන කතා නොකර හැරියේය.

දැන් නැවත ජවිපෙ සහ විපක්ෂ කොටස් උතුරු නැගෙනහිර ජනතාවට යුක්තිය ඉ‍ටු කිරීම හා ඔවුන්ගේ ජීවන ප්‍රශ්න ගැන කතා කරන්න පටන් ගෙන තිබේ. බිමල් රත්නායක මෙහිදී 'හැම පාර්ශ්වයකින්ම' යන යෙදුම මෙහිදී අප අවධාරණයට ගත යුතුය.මන්ද යුධ අපරාධ , මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්භන්ධ චෝදනා ඉදිරිපත්ව ඇතතේ ශ්‍රී ලංකා යුධ හමුදාව ඉලක්ක කරගෙන පමණක් වන තත්වය හමුවේ නිසාය. එ් අනුව මේ ප්‍රකාශයෙහි ඇති සටකපට බව ද තේරුම් ගත හැක.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව නැවත වටයකින් යුධ අපරාධ සිදුවීම සහ මානව හිමිකම් ගැන ජාත්‍යන්තරය කතා කරනන්ට පටන් ගෙන තිබේ. 2015 දි නවත්තපු තැන සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ද ශ්‍රී ලංකාවට එරෙහිව වන ක්‍රියාමාර්ග යළි ආරම්බ කරමින් එළැඹෙන මාර්තුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් සම්මත කිරීමටද සූද‍ෙනම් වේ.

මේ චෝදනාවන්හී සත්‍ය අසත්‍යතාවයන් කුමක් වූවත් එය වත්මනේදීත් රාජපක්ෂ පාලනයට එරෙහිව ගොඩනැගෙන හුදු දේශපාලනික කුමන්ත්‍රණයක් බවනම් පැහැදිලිය. ජවිපෙත් දැන් එම ජාත්‍යන්තර වුවමනාව සමඟ බද්ධව ඊට සහය වෙමින් තිබේ. විපක්ෂයේ හුදු කාර්ය භාරය බලය අල්වාගැනීම පමණක් වන විට ජවිපෙ එහෙම කටයුතු කරන එක පුදුමයක් නොවේ. ඒ ජවිපෙ අවස්ථාවාදී බලලෝභී දේශපාලනයේ හැටිය.

එහෙත් මෙහි ඇති ලොකුම විහිළුව මෙය නොවේ. යුද්ධයෙහි අවසන් දින කිහිපයේදී ජවිපෙ යුද්ධය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය සහ අද මේ කියන දේවල් ගැන ඇති බරපතල පරස්පරය පැහැදිලිය. එල්ටීටීඊය තමන්ගේ පරාජය හමුවේ තවදුරටත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උතුරේ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන සිටියදී එම මින්සුන් ගැන මානුෂිකව කල්පනා කළ රජය වහාම බර අවි ප්‍රහාරයන් නවත්වා සුළු අවි වලින් පමණක් එල්ටීටීඊයේ අවසන් බලමුළු සුනුවිසුනු කිරීමේ තීන්දුවකට එළඹිණි. රජයේ එම තීන්දුවත් සමඟ බර අවි යොදා ඉතා පහසුවෙන් මේ අවසන් ජයග්‍රහණය වෙත ඉක්මනින් යෑමේ හැකියාව තිබියදී සිවිල් වැසියන්ගේ ජීවිත සහ දේපොළ බේරාගනිමින් වඩාත් අසීරු අවදානම්කාරී මෙම පියවර ගැනීමට යුධ හමුදාව තීන්දු කළේය. එහෙත් ඒ සඳහා වන හැකියාව ධෛර්යය හා විශ්වාසය ඔවුන්ට තිබිණි. යුද්ධය ජය ගැනීම කියන්නේ සියල්ල සුණු විසුනු කොට ප්‍රතිවාදියා හා ඔවුන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටින අහිංසක සිවිල් පුරවැසියා ඇතුළු සියල්ල සමූල ඝාතනයකර සුනන්ද්දූලිකර දැමීම නොවේ. අවම හානියකින් සියල්ල බේරාගැනීමය. දක්ෂකම කියන්නෙ එකටය. ශ්‍රී ලංකා යුධ හමුදාව පුහුණු කර තිබුණේ එයටය. ඔවුන් සටන් කළේ ඒ අනුවය. එයට මානුෂික මෙහෙයුම කිවේ ඒ නිසාය.

එහෙත් මේ තීන්දුවත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ හැසිරුණේ ඊට වෙනස් තැනක සිටය. එවකට ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයාව සිටි අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව දෙවනත් කරමින් විශාල ඝෝෂාවක් කළේ බර අවි ප්‍රහාර නොනවත්තා කළයුතු බව කියමින්ය. බර අවි ප්‍රහාර නවතා යුධ ජයග්‍රහණය වෙනුවට වෙන ඩීල් එකකට යන්න ආණ්ඩුව සූදානම් වන බවත් ඔහුගේ කෑ කෝ ගැසීම තුල ඇසෙන්නට විය. රට පුරා පොස්ටර් ව්‍යාපාරයක්ද සිදු කරමින් බර අවි ප්‍රහාර සිදුකර මේ යුද්ධය ජය ගතයුතු බවට දෙමළ ජනතාවට එරෙහිව දකුණේ මහා ජන මතයක් ඇවිලවීමට ද ඔවුන් කටයුතු කරනු ලැබීය.

වාමාංශික විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස පෙනී සිටි ජවිපෙ එතරම් කෲරතර මානව විරෝධී තීන්දුවක් ගැනීම ගැනත් එදා ජවිපෙට එරෙහිව සාමාන්‍ය ජන සමාජයනුත් මත දැක්වීම් සිදුවිය. එහෙත් ජවිපෙ මෙවැනි තීන්දුවක් ගැනීම ගැන එහෙමට පුදුම වන්නට දෙයක් නැත ජවිපෙ ඉතිහාසයම ගොඩනැගි තිබුණේ මෙවැනි කෲරතර මානව විරෝධී ක්‍රියාදාමයන් හරහාය. ජවිපෙ විසින් ඇති කළ සන්නද්ද කැරලි ගැසීම් දෙකක් විසින් රටට සිදු කළ විනාශය මෙ එල්ටීටීඊයෙ තිස් අවුරුදු යුද්ධය විසින් සිදු කළ විනාශයට වඩා වැඩිය. ජවිපෙ තමන්ගේ අවි බලයෙන් මේ රටේ සිවිල් පුරවැසියන්, ආගමික නායකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලා කරුවන් ශිෂ්‍යයන් ආදී පිරිසි තෝර තෝරා අමු අමුවේ මරා දැම්මේට. මේ අය අවි දැරූ මිනිසුන් නොවේ. තමන්ගේ රාජකාරිය නිවැරදිව ඉ‍ටු කළ මිනිසුන්ය, තමන්ගේ සමාජ දේශපාලනික මතය වෙනුවෙන් පෙනී සිටි මිනිසුන්ය. යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටි මිනිසුන්ය. ජවිපෙ මරා දැම්මේ තමන්ගේම පංතිය, වර්ගයා නියෝජනය කළ පිරිසය. එහෙත් ජවිපෙ මේ විනාශය කළේ තමන්ගේ ප‍ටු දේශපාලනික වුවමනාවන්ට මෙම පිරිස් බාධාකාරීවීම නිසා මිස ජවිපෙට එරෙහිව අවි එසවීම නිසා හෝ නොවේ. එහෙම ඉතිහාසයක් තියෙන ජවිපෙට උතුරේ දෙමළා කියන්නේ නිකම්ම එක තොගයට මරා දැමිය හැකි සත්ව කොට්ඨාශයක් පමණක් විය. එදා මේ මිනිස්සුන්ට යුද්ධය නිසා සිදුවිය හැකි පීඩනයන්, අගතීන් ගැන ජවිපෙ කල්පනා කළේ නැත. ඔවුන්ට අහිමිවන යුක්තිය සාධාරණය ගැන ජවිපෙ කල්පනා කළේ නැත. ජවිපෙට වුවමනා වුයේ තමන්ගේ පෙළඹවීම් මත යුධ ජයග්‍රහණය රටට ලැබුණු බව කියාගැනීමේ අවස්ථාවාදී වුවමනාව පමණය. යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ ජවිපෙ රට පුරා කටවුට් ගසමින් පොස්ටර් ගසමින් ඒ අයිතිය ලබාගන්නට කළ වෑයම අනුව ඒ තහවුරු විය.

කොහොම නමුත් එදා ජවිපෙ කටයුතු කළ ආකාරය අනුව අද ජවිපෙ යුධ අපරාධ සිදු වූවාය. මානව හිමිකම් කඩ වූවාය. දෙමළ ජනතාවට අයුක්තියක් අසාධාරණයක් වූවාය.. ආදී වශයෙන් හඬමින් දොඩමින් හලන කිඹුල් කඳුලු දකින විට මේ අවස්ථාවාදි කාලකණ්නි දේශපාලනය ගැන එන්නේ සාධාරණ කෝපයකි. අනෙක මෙය රට පාවාදීමකි. රණ විරුවන් පාවාදීමකි, රට අපකීර්තියට පත්කිරීමකි...

උතුරටම ගොස් මෙහෙම කතා කරන්න තරම් විලි ලැජ්ජාවක් ජවිපෙට නැතිවීම ගැන උතුරේ දෙමළ ජනතාවත් කල්පනා කළ යුතුය. මේ තකක්ඩියන්ගේ රැවටිලිකාර මුසා බස් වලට රැවටෙන්නට දෙමල ජනතාව සූදානම් නැති බව පැහැදිලි වූවත් තවදුරටත් ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුම් හරියාකාරව ක්‍රියාත්මක නැති වටපිටාවක් තුල දෙමළ ජනතාව පිදුරු ගහේ වුවත් එල්ලෙන්නට තිබෙන සූදානම ගැන රජයත් මේ රටේ සෙසු පුරවැසියාත් සැලකිලිමත්වීම විය යුතුය. එසේ නොමැතිවීම තුල ජාත්‍යන්තර වශයෙන් රටට එල්ලවන චෝදනා සාධාරණීයකරණයකට යම් යම් හේතු නිර්මාණය විය හැකිය.

කොහොම නමුත් ජවිපෙ වැනි අවස්ථාවාදී තක්කඩි දේශපාලනයක යෙදෙන මේ විනාශකාරී බලවේගයන් මට්‍ටු කිරීම මේ රටේ සුබ සිද්ධිය පතන ජනතාවගේ අනිවාර්ය යුතුකමක් ලෙස පවතී.

-the novemberist

artical

Last modified on Thursday, 11 February 2021 14:36

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us