News Items (18842)
අභියෝග ජය ගනිමින් සංචාරක ක්ෂේත්රයේ නව ගමනකට සූදානම් වන්න - ජනපති
පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ.
සෞඛ්‍ය නීති උල්ලංඝනය කර මගීන් ප්‍රවාහනය කළ බස් රියදුරන්ගේ සේවය අත්හිටුවයි !
වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක බස් රථයේ රියදුරන්ගේ සහ කොන්දොස්තරුන්ගේ සේවය අත්හිටු වීමට පියවර ගෙන ඇත.
ලබන වසරේ සිට අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් රැසක් කිරීමට තීරණ
ලබන වසරේ සිට (2022) උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව එම වසරේ සිටම සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
සූර්යබල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙනවාද නැද්ද තීරණයක් නැහැ - ඩලස්
උතුරු මුහුදේ දූපත් තුනක් ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත සූර්ය බල විදුලි ව්‍යාපෘති චීන සමාගමකට ලබාදෙනවාද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය විවෘත වේ.
කෙරවළපිටියේ ඉදිකළ ශ්‍රී ලංකාවේ පළමු ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ විවෘත විය.
ලෝකයේ ප්‍රථම අගමැතිනිය 60 දශකය තුළ ශ්‍රීලංකාවෙන් බිහිවිය. අදටත් ඒ ගැන පුරසාරම් දොඩන රටේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ ආරච්චිගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි මෙරටට ලබාදීමට ඉන්දියාව එකගවේ
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි මෙරටට ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබේ.
මැදපෙරදිග සිට යලි දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ලාංකිකයන් 400කට අසන්න පිරිසක් අද අලුයම ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණ තිබේනවා.
ජාතික කොඩිය ඔසවා යාපනයේ ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කළ තමාට හා පවුලේ අයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු නිවෙසටම පැමිණ තර්ජනය කළ බවට යාපනය සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අරුලානන්දම් අරුල් සිද්ධාර්ථන් ඊයේ (16දා) චුන්නාකම් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යහපාලකයෝ ගහපු ගැටය
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පසුගිය යහපාලන යුගයේදී හිටපු ජනාධිපතිවරයා පිහිටුවනු ලැබූ බරපතල අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහාව වන කොමිසන් සභාව නිර්දේශ කර තිබිණි.
