මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යහපාලකයෝ ගහපු ගැටය Featured

Wednesday, 17 February 2021 11:34

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පසුගිය යහපාලන යුගයේදී හිටපු ජනාධිපතිවරයා පිහිටුවනු ලැබූ බරපතල අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහාව වන කොමිසන් සභාව නිර්දේශ කර තිබිණි.

ඒ ස්වාධීන රූපවාහිනියේ දැන්වීම් පළ කර මුදල් නොගෙවීම සම්බන්ධ චෝදනාවකට පටලවාය.

එම චෝදනාව සම්බන්ධයෙන් බැලූ බැල්මටම හිටපු ජනපති මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල කිරීම පිළිගත නොහැකි තත්වයක තිබිණි. එක්සත් ජනතා සන්ධානය ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් එලෙස ස්වාධීන රාපවාහිනය මඟින් ප්‍රචාරය කර තිබිණි. ඒවා ලබා දී තිබුණේ එම පක්ෂය විසින්ය. එම ජනාධිපතිවරණ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂවීම පමණක් හේතුකොට ගෙන මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ගත් තීන්දුව සාධාරණ වූයේ නැත. යහපාලනයට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පටලවා ගනිමින් චෝදනා එල්ල කළ හැකි වෙනත් කිසිදු ගැටළුකාරී අවස්ථාවක් නොතිබුණු බැවින් මෙම ස්වාධීන රූපවාහිනි දැන්වීම් ප්‍රශ්නය පටලවා ඔහුට දඬුවම් කර දේශපාලන භුමියෙන් ඉවත් කිරීමට යහපාලකයන් කල්පනා කර තිබිණි.

එහෙත් එදා මෙලෙස පදනම් විරහිත චෝදනාවක් නගා මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ගත් තීන්දුවෙහි ඇති අයුක්ති සහගත බව, ප්‍රජාතන්ත්‍ර විරෝධී බව, අනීතික තත්වයන් ගැන, ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙස පෙනී සිටි යහපාලකයෝ විරෝධය පළ කළේ නැත. නමුත් ජවිපෙ ප්‍රමුඛව යහපලන ගහලයෝ ටික මේ තීරණයන් ඉක්මන් කරවීම වෙනුවෙන් සැහෙන්න මහන්සි විය.

එදා යහපාලකයන් තුච්ඡ ලෙස දේශපාලන දඩයමෙහි යෙදුනු බවට මෙම කරුණද තවත් එක් උදාහරණයක් පමණකි. දූෂණ මර්දන කමි‍ටුව නම් දේශපාලන දඩයම් යාන්ත්‍රණයෙන් සිදුකළ අනීතික අසාධාරණ ක්‍රියාවලිය හරහා බරපතල වැරැදි රැසක් සිදුකර තිබිණි. එහෙත් ඒ සිදු කළ වැරැදි සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් කොමිසම විසින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් එය බරපතල වැරැද්දක් බව සාක්ෂි සහිතව ඔප්පු කර සිටින විට මේ යහපාලකයෝ එම පියවර ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්.. අනීතික බවත්.. ආදී රටේ නැති කතා කියමින් රට අවුළුවන්නට උත්සහ ගනිමින් තිබේ.

විශේෂයෙන්ම දේශපාලන දඩයම් වෙනුවෙන් පෙරමුණේ රාළගේ භූමිකාව රඟ දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවෝ කියමින් දැන් නගන ආඳෝනා අතිශයින්ම විසිළු සහගතය. මන්ද නීති විරෝධී ආයතන ගොඩනගමින් තමන් ඇතුලු පිරිස රාජපක්ෂ දඩයමෙහි යෙදුනු හැටි ඔහුට දැන් අමතක වෙන්න තරම් කාලයක් ගතවූයේ නැත. එදා මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තමන් කළ බලපෑම ගැන ඔහුට අමතක වෙන්න තරම් කාලයක් ගත වීද නැත.

කොටින්ම සිරිසේන ජනාධිපතිවරයා පත් කළ බරපතල ආපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව පිට වෙන්නත් පෙර කාලයේ සිටම මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට මේ අය ලොකු ප්‍රචාරයක් ගෙන යමින් තිබිණි. ඒ අනුවත් පැහැදිලි වන්නේ දේශපාලන දඩයම් මෙහෙයුම ඔවුන් කාලයකට පෙරම සැලසුම් කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවය.

මහින්දට බොරු චෝදනා නගා ප්‍රජා අයිතිය නැති කිරීමට ගත් උත්සාහය මුලුමනින්ම දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියේ කොටසක් බව ඉතා පැහැදිලිය. ජාතියේ වාසනාවට එදා මහින්දගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට යහපාලකයන්ට නොහැකි වූවත් ඒ ගත් ක්‍රියාමාර්ගය මුළුමනින්ම දේශපාලන පළිගැනීමකි. අද අනුරලාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශවන්නේ මේ පාදඩ තුච්ඡ ක්‍රියාමාර්ග නිසා මිස දේශපාලන පළිගැනිම් කිරීමට වත්මන් ආණ්ඩුවේ ඇති වුමණාවක් නිසා නොවේ.

රටක නිතියක් රීතියක් ඇති විට ඒ අනුව යුක්තිය පසිඳලීම විය යුතුය. එදා නීතිය තුනට හතරට නවා පළිගැනීම් කළ හැටි ඒවා සිදු කළ වුන්ම දැන් වමාරමින් තිබේ. ඒ අනුව ඔවුන් දැන දැනම කළ වරදට හිමි දඬුවමක් තිබිය යුතුය. වත්මන් ජනාධිපතිවරයා දේශපාලන පළිගැනීම් පිලිබඳ කොමිසමක් පිහි‍ටුවා සොයා බැලුවේ එහි ඇත්ත නැත්තය. ඒ අනුව කොමිසම සියල්ල හෙළිකර තිබේ. ලැබිය යුතු දඬුවම් ගැනද නිර්දේශ කර තිබේ. යහපාලක ගහලයන්ගේ ප්‍රජා අයිතිය ඉවත් කළ යුතු බව කොමිසම තීන්දු කරන්නේ ඔවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට, අධිකරණයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට දඬුවමක් ලෙසය. එහෙත් ඒ කිව් පළියටම ජනාධිපතිවරයා මොවුන්ට දඬුවම් පැමිණවීමට ඉක්මන් වූයේද නැත. ප්‍රජා අයිතිය අහෝසි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රටේ නීතියේ ප්‍රකාරව ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ඔහුට හිමි බලතල අනුව තවත් ජනාධිපති කොමිසමක් පත් කරණු ලැබීය. තවදුරටත් එමඟින් මේ යහපාලක ගහලයන්ට තමන් එදා ගත් ක්‍රියාමාර්ග සාධාරණීය කරගැනීමේ සාධාරණ අවස්ථාවක්ද ලබා දී තිබේ.

දැන් මේ ජවිපෙ නායකයාට මෙන්ම යහපාලකයන්ට එම කොමිසම හමුවට පැමිණ හැකි විදිහකින් තමන්ව සදොස් කරගත හැකිය. එහෙත් කොමිසමට එරෙහිව රට පුරා රැස්වීම් තබමින් උද්ඝෝෂණය කරමින් එම කොමිසම මඟ හැරීම හෝ එම නීත්‍යනුකූල ක්‍රියාපටිපාටිය කඩාකප්පල් කිරීම හෝ සිදු විය යුත්තක් බව සිහි බුද්ධියක ඇති, නීතිය රීතිය ගැන අවබෝධයක් ඇති මිනිස්සු කල්පනා කරන්නෙ නැත.

එමෙන්ම ජවිපෙ ප්‍රමුඛව මේ යහපාලන ගහලයෝ ප්‍රශ්න විසඳා ගැනීමේ සාධාරණ අවස්ථාව මඟ හරිමින් එළියට වී කෑ ගසන්නේ තමන්ගේ ඇති වරදකාරී බව ගැන අවබෝධයක් තිබෙන නිසා බවත් මෙහිදී පැහැදිලිවන ඇත්තයි.

- the novemberist

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us