ඇයට හිමි තැන කොතැනද? Featured

Wednesday, 17 February 2021 16:31

ලෝකයේ ප්‍රථම අගමැතිනිය 60 දශකය තුළ ශ්‍රීලංකාවෙන් බිහිවිය. අදටත් ඒ ගැන පුරසාරම් දොඩන රටේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ ආරච්චිගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එසේනම් ලොව ප්‍රථම අගමැතිනිය අපේ රටෙන් බිහි වූ බවට කරන පුරසාරම් නිකම් නන්දෙඩවිල්ලක් පමණි. නියෝජ්‍ය පොලිස්පති තනතුරට ශ්‍රිලංකාවේ කාන්තාවක් ප්‍රථමවරට පත් වීමේදී ඒ ගැන විවේචනය කරන්න, විරෝධය දක්වන්න හේතුව කුමක්ද යන්න පැහැදිලි කරගතයුතුය. මෙම විරෝධය එල්ල වන්නේත් ඇගේ සමකාලීන පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන්මය. එහෙත් නියෝජ්‍ය පොලිස්පති තනතුරට ඇය ඕනෑවටත් වඩා සුදුසුකම් සැපිරු කාන්තා පොලිස් නිලධාරිනියකි.

වසර 154 කට උරුමකම් කියූ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නව පිටුවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස තේරී පත් වූ බිම්ෂානී ජාසිංහ රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි. උප පරීක්ෂකවරියක් ලෙසින් 1997 පෙබරවාරී 4 දින පොලිස් දෙපාර්තමේන්තුවට ඇය එක් වන්නේ ඉන් අනතුරුවයි. . 2001 දී ඇය ඒ.එස්.පී විභාගය සමත් වූ නමුත් කාන්තා නිලධාරිනියක ලෙස ඇයගේ තනතුර වෙනුවෙන් සටන් කිරීමට සිදු විය. 2017 දී ඇය එස්.එස්.පී ලෙස උසස් වීම සිදු විය. රහස් පොලිසියේ ද සිය රාජකාරිය සිදු කර ඇති ඇය නියෝජ්‍ය පොලිස්පති ධූරය ලැබීමට පෙර ළමා හා කාන්තා අපයෝජනය වැලැක්වීමේ කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළාය. එපමණක් නොව මේ වන විට ඇය ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම කාන්තා පොලිස් නිලධාරීවරියයි.

ඇය නියෝජ්‍ය පොලිස්පති ධුරයකට සියලු සුදුසු කම් සපුරා තිබුණද අද ඇයට හරස් වී ඇත්තේ ඇයගේ ස්ත්‍රීත්වය බව දැන් පැහැදිලිය. සියවස් ගණනාවක් ගියද ලාංකීය ගැහැණියට නිසි තැන තවම හිමි වී නොමැති බව බිම්ෂානී ජාසිංහගේ කතාවෙන්ම පැහැදිලිය.

ලෝකය සැමදාම වර්ණවත් කළේ පිරිමින් පමණක් නොවේ. එදාද අදද හෙටද ලෝකය වර්ණවත් කළ ගැහැණුන් පිළිබද අප අසා ඇත.අසන්නට සිදුවෙනුද ඇත. මෙයට උදාහරණයක් පසුගිය දිනවලම සිදු විය. ඒ ඇමරිකාවේ පැවති මැතිවරණයයි. එහිදී පළමු කළු ජාතික කාන්තාව ලෙස කමලා හැරිස් ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් විය.
ඇමෙරිකානු උප ජනාධිපතිවරිය වන කමලා හැරිස් ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් වන්නේ රෝහිණී ලක්ෂ්මී කොසොග්ලු (රවීන්ද්රන්) ය. ඇය ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව එක්සත් ජනපදයේ උපත ලැබූ නීතිවේදිනියකි.

ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ කෝටෙස් හෙවත් AOC යන නමින් ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ ගැහැනිය දෙවන වරටත් ඩිමොක්රටික් පක්ෂයෙන් ඇමෙරිකානු කොංග්රසය නියෝජනය කිරීමට සමත් විය. ඒ නිකන්ම නොව ඇගේ මඟ ගත් Squad නමින් හඳුන්වන AOC ද ඇතුළත් කාන්තාවන් හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායම මෙවර නැවත වතාවක් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කිරීමට වරම් ලැබුහ.

ගැහැනුන්ට දේශපාලනයේ නිරත වීම සේම බිම්ෂානී ජාසිංහ වැනි කාන්තාවන්ට උස් තනතුරු වෙත යාම පහසු නැත. එය ලෝකයේ කොයි රටෙත් අඩු වැඩි වශයෙන් එහෙමය.

අපේ රටේ නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානී ජාසිංහ පත් වෙද්දී ඇයට විරුද්ධව සහෝදර පොලිස් නිලධාරීන් පෙත්සම ගොනු කරන්නේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්වීම සඳහා අදාළ රෙගුලාසි තුළ 'කාන්තාව' යන වචනය සඳහන්වී නොමැති බව සඳහන් කරමිනි. රෙගුලාසි එසේ නම් ඒ යල් පැන ගිය දේ වෙනස් විය යුතු යුගයක් අප පසු කරමින් සිටි. කාන්තාවට සම අයිතීන් හිමි කර දීමට උත්සහ කළ යුතු අවස්ථාවක ඇයගේ ස්ත්‍රීත්වය හේතු කොටගෙන ඇයව තනතුරින් පහ කිරීමට දරන උත්සාහයන් කොතරම් පටු දැයි ඔබ වටහා ගත යුතු සත්‍යකි.

සෑම වසරකම මාර්තු මස 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය ලොව සෑම රටක්ම සමරති. ඒ කාන්තාව තදුරටත් සවිබල ගැන්වීම විය යුතු නිසාය. අපේ රටෙත් මෙය සමරන්නේ ඒ වෙනුවෙනි. ගෙදර බුදුන් වන්නට අම්මා නැමැති ගැහැණියට පුළුවන් නමුත් තවමත් අප රටේ ගැහැණුන්ට ගෙදරින් පිටතදී හිමි වන්නේ පහත් තැනක් නම් රටක් විදියට අප ලැජ්ජා විය යුතු නොවේද ?

වර්ණවත් ගැහැනු ලෝකය වර්ණ ගන්වමින් සිටින මොහොතක අපේ රටේ කාන්තාවකට හිමි තැන කුමක්දැයි අපේ පිරිමින්ගෙන් අපට අසන්නට සිදුවේ.

-පංචාලි අබේසේකර

Last modified on Wednesday, 17 February 2021 16:32

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us