යහපාලන කුණු කොන්ත්‍රාත් කරන්න ගිය ජවිපෙට වෙච්ච වැඩේ.. Featured

Thursday, 18 February 2021 23:55

kපැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ජාත්‍යන්තර බලවේග විසින් ඒකරාශී කරන ලද බලවේගවල ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ජවිපෙයයි. පෙර කාලයේ සන්ධාන (ඩීල් ) දේශපාලනය නිසා නට්ටෙටම වැටී තිබුණු ජවිපෙට එම සාමාජිකයන්ගෙනුත් එල්ලවූ විරෝධය හමුවේ නැවත මහ පක්ෂ සමඟ සන්ධාන ගතවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ හෝ ඔවුන්ට ප්‍රසිද්ධියේ සහය දීම හෝ අනුර ප්‍රමුඛ ජවිපෙ නායක කල්ලියට ඉඩ කඩ සීමා විය.

මේ නිසා රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට එජාප ප්‍රමුඛ කණ්ඩායම් වලට එළිපිට සහය වීමට ජවිපෙට නොහැකි වූ නමුත් එම මෙහෙයුමේ විශාල කාර්යභාරයක් ඉසුලුවේ ජවිපයයි. ඒ කඩේත් බඩු ෂුවර් නෑ... මේ කඩෙත් බඩු ෂුවර් නෑ.. කියමින් සිටියද මේ කඩේ පිටිපස්සෙන් ගොස් බඩු කිරා ගැනීම ජවිපෙ කළේය. මේ වෙනුවෙන් ජවිපෙට සල්ලි ලැබුණේ ගෝනි මළුවල පුරවලාය. බ්‍රීෆ් කේස් පුරවලාය.

කොහොමෙන් කොහොම හරි සිරිසේන ගොයියාව ජනාධිපති පු‍ටුවේ ඉඳවා ගැනීමට ජවිපෙත් එජාපයත් සමත් වූ අතර ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම වුණේ රාජපක්ෂ පවුල සහ එම හිතවතුන් දඩයම් කිරීමය. ඔවුන්ගේ දේශපාලනය සදහටම රටට අහිමි කිරීමය. ජවිපෙට එළිපිට එන්න බැරි නිසා රනිල් ගැසු ගැටය වූයේ ' ජාතික විධායක සභාව. නමින් රට ගොඩනැංවීමට යැයි කියමින් පොදු රැස්වීමක් සූදානම් කිරීමය. ජවිපෙ නායකයා කිසි හිරිකිතක් නැතිව තමන්ගේ හිතෛශීන් කිහිපදෙනෙකු සමඟ ගොස් මෙහි වාඩි විය. ඒ දිනවල අනුරගේ රාජකාරී වැඩ තිබුණේ අරලිය ගහ මන්දිරයේය.

රාජපක්ෂවරු දඩයමටම ' දූෂණ මර්දන කමි‍ටුව' නමිත් තවත් යාන්ත්‍රණයක් ගොඩනැගූ අතර එහි මූලික වගකීම ගනු ලැබුවේ ජවිපයයි. අනුරගේ හිටපු පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල නැමැත්තාගේ විධානය යටතේ මේ කමි‍ටුව ක්‍රියාත්මක විය. පොලිස් දෙපාර්ථමේන්තුව තුල නීතිවිරෝධීව එෆ්. සී. අයි.ඩි.ය ස්ථාපිත කෙරුණු අතර ඒ හරහා විමර්ශනයක් කෙරුණේ අර ආනන්ද විජේපාල විසින් ලබාදෙන උපදෙස් හා නියෝග මතය. එසේම සී. අයි. ඩි. යටත් සිදුව තිබුණේ විජේපාල උන්න්නැහේ කියන විදිහට වැඩ ටික කරන්නටය.

රාජපක්ෂවරුන්ට එරෙහිව දූෂණ වංචා චෝදනා සියල්ල මේ දූෂණ මර්දන කමි‍ටුව විසින් නිර්මාණය කරන ලදී. එහි බොහෝ පැමිණිලි ජවිපයේ දූෂණ විරෝධී සූටික්කා වන වසන්ත දිසානායක මඟින් ඉදිරිපත් කෙරිණි. වසන්ත දිසානායක මෙලෙස ඉදිරිපත් කරන පැමිණිලිවල තිබූ චෝදනා රැසක්ම කිසිදු සාක්ෂියක් පදනමක් නැති බොරු බේගල් විය. එම පැමිණිලි අනුව විමර්ශන ආරම්භ වූ සිදුවීම් කිසිවක පාහේ මුල් පැමිණිල්ලේ තිබු චෝදනා ගැන සඳහනක්වත් නොමැතිව, පසුව සොයාගත් හෝ නිර්මාණය කරණ ලද චෝදනා බවට වෙනස්ව තිබිණි. එහෙම වුණේ රාජපක්ෂලා හෝ ඔවුන්ගේ හිතවතුන් ඉතා කඩිනමින් අඩංගුවට ගැනීම වෙනුවෙන් කුමක් හෝ චෝදනාවක් අවශ්‍ය වී තිබූ බැවිනි.
කොහොම හරි කොහෙන් හරි අල්ලා ගත් කොණක් තවදුරටත් වර්ධනය කර රාජපක්ෂවරුන්ට එරෙහිව නඩු සිය ගනනක් දැමීමට ජවිපෙ සහ යහපාලන කුමන්ත්‍රණකරුවන් සමත් විය. එහෙත් මේ නඩුද බොහොමයක් ගොනු කෙරුණේ චෝදනා සම්බන්ධයෙන් ඔප්පු කළ හැකි නිශ්චිත සාක්ෂි නොමැතිවය. ඇතැම් ඒවා උසාවිය නිකම්ම විසි කර දැමූ අතර සමහර ඒවායේ චෝදනා නැවටත සංශෝධනය කර ඉදිරිපත් කරන්න යැයිද උසාවිය නියෝග කෙරිණි. මේ වන විටත් ඇතැම් නඩුවකින් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීම උසාවිය සිදුකර තිබේ. ඒ වෙනකක් නිසා නොව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකිවීම නිසාය. මේ චූදිතයන්ට එරෙහිව පහළ උසාවි වල ඇතැම් තීන්දු ලබා දී තිබුණත් ඉහළ උසාවි වලදී ඒවා ප්‍රතික්ෂේප කෙරුණේ නීතිය සහ යුක්තිය පසිඳලීමේදී සිදුවී ඇති අඩු පාඩු ගැනත් නීති ක්ෂේත්‍රයට අලුත් පාඩම් කියා දෙමිණි. අවශ්‍ය තීන්දු ගැනීම වෙනුවෙන් සමහර විනිසුරන්ව මෙහෙයපු හැටි ගැන කතාද මෑතකදී හෙළිවිය.

ජවිපෙ ප්‍රමුඛ යහපාලයෝ රාජපක්ෂවරු දඩයම දේශපාලනික පළිගැනීම් වෙනුවෙන් සිදු කළ දේ බව අද උසාවි හරහාම දිනෙන් දින ඔප්පු වෙමින් පවතින සත්‍යයයි. මේ අනීතික අයුක්ති සහගත අසාධාරණ දේශපාලන දඩයම ගැන යහපාලනය පිහිටු වීම වෙනුවෙන් අවංකව මහන්සි වූ කොටස්ද කල් යත්ම තේරුම් ගනිමින් සිටියේය. ඊට එරෙහිව සමාජය තුලද බරපතල විවේචනයන් ද මතු විය. අල්ලපු හොරෙකුත් නැති විට, දාපු නඩුවකුත් ජය ගැනුමකින් නොවිසෙ‍ඳෙන කල... යහපලනයේ මජරකම් රටම තේරුම් ගත්තාය. ඒ අනුව යහපාලන නඩය පන්නා දැමීමට රටේ බහුතරය තීරණය කරන ලදී. එහි ප්‍රතිපළය ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඓතිහාසික ජනවරමක් සහිත ජයග්‍රහණයක් වර්තා කළේ 2015 දී රාජපක්ෂවරුන්ට එරෙහිව ඡන්ද දුන් විශාල පිරිසකගේද කැමැත්තද දිනාගෙනය.

ඒ කොහොම වුණත් එදා යහපාලකයෝ නීතියට එපිටින් ගොස් දේශපාලන දඩයමෙහි යෙදීම ගැන ඒ අගතියට, පීඩාවට පත්වූ පාර්ශ්වයන්ට සාධාරණයක් ඉ‍ටු කළයුතු විය. ජනාධිපතිවරයා මේ දේශපාලන පළිගැනීම් ගැන සොයන්න කොමිසක් පිහිට වූයේ ඒ වෙනුවෙනි. ඒ අනුව ජවිපේ ප්‍රමුඛව යහපාලකයෝ කරපු සෙල්ලම් මුලුමනින්ම හෙළිදරව් විය. කොමිසම ඒ වරදකරුවන්ට දිය යුතු දඬුවම්ද නිර්දේශ කරන ලදී. ඒ අනුව ජවිපෙ නායක අනුර කුමාර එහි ප්‍රමුඛතම චූදිතයෙක් විය. ඒ ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරන්නටවත් මේ අනුරලාට කිසිවක් ඉතිරිව තිබුණේ නැත. දුෂණ විරෝධී කමි‍ටුව, පිහිටුවීමේ සිට කෙරුණු දෑ නීති විරෝධී බව පිළිගැනීමට අනුරට මෙන්ම රනිල්ට පවා සිදු විය. එසේ වරදක් සිදුවූ බව ඔවුන්ට පිළිගන්නට සිදු වූවානම් දැන් ඒ වරද වෙනුවෙන් වන දඬුවමට යටත් වීමටද ඔවුන්ට සිදුවේ. ඒ අනුව ඔවුන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නම් නීත්‍යානුකූලව හිමි විය යුතු දඬුවම එය පිළිගැනීමට සිදුවේ.

එහෙත් ජවිපෙ තමන් කොමිසම හමුවේ පිළිගත්තු දේ පවා වසං කරමින් අද සමජය ඉස්සරහට ඇවිත් කියන්නේ තමන්ගෙ ප්‍රජා අයිතිය අහිමි කිරීමට කැකිල්ලේ උසාවියකින් තීන්දුව ගෙන තිබෙන බවත්, අපි බබාලා, අපි මොකුත් දන්නෑ.. අනේ අපිව බේරාදෙන්නකෝ... ආදී බබාහුකුම් කතාවකි. අද (18) හයිඩ් පාර්ක් පිටියෙහි පැවැති රැස්වීමේ දීත් මේ අඳෝනා නැඟනු අතර බේරුවේ නැත්නම් බලන් හිටපන්කො අපි කරන වැඩේ පෙන්වන්නම්.. වගේ ළදරු වලිප්පු ගතියක් ද පෙන්වීය. ජවිපෙ තක්කඩිකම කොච්චර කියනවා නම් අදත් ඒ පිටියට රැස්වුණු ජවිපෙ අවසන් සාමාජිකත්වයටත් කීවේ බොරුය. ඔවුන්ව තවදුරටත් රැවැටීමටම ගොදුරු කර ගන්න විශාල උත්සහයක්ද දරණු ලැබ තිබිණි. අනුරලා කියන කතා මේ මිනිස්සු පිළිගන්නා ද විය හැකි නමුත් ඒ බොරුවකට වන රැවටිල්ලක්ම පමණි.

ජවිපෙට අද මේ තත්වයට පත්වීමට සිදු වූයේ එජාපයේ ( ජාත්‍යන්තරයේ) කුණු කොන්ත්‍රාත් කරන්නට ගොසිණි. එහෙත් ඒවායෙන් පාඩමක් හෝ ඉගෙන ගන්නේ ද නැත. ඒ මන්දයත් ජවිපෙහි පැවැත්ම මුලුමනින්ම තිබෙන්නේ මේ ඩීල් දේශපාලනය මත පදනම්ව නිසාය. දේශපාලන දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩපිලිවෙලක් තියා සංවිධානය වූ පක්ෂයක් ගැනවත් කතා කරනන්වත් දෙයක් ජවිපෙ තුල අද ඉතිරිව නැත්තේද මේ නිසාය.

අදත් ජවිපෙ සිදුකරමින් සිටින්නේ තමන්ගේ යහපාලන මිතුරන් කල්ලියද බේරාගනිමින් තමනුත් බේරීසිටීමේ කළණ මිතුරෙකුගේ භූමිකාවය. කට්ටියටම එකම දඬුවම ලැබීමට නියමිත නිසා උඹලා වෙනුවෙන් අපි තමයි සටන් කළේ, ඒ නිසා අනාගතයේදී අපිට කළ ගුණ සලකපන්.. කියන්න පුලුවන් ඉඩකඩ හදා තබාගැනීමේ වෑයමක් ලෙස ජවිපෙ අද මේ කැකිල්ලේ උසාවි කතන්දරය හරහා කරමින් තිබේ. අඩුම තරමින් රනිල් වික්‍රමසිංහ හෝ මේ ගැන වචනයකුදු නොදොඩා ඇති තතු හමුවේ ජවිපෙ මේ දඟලන දැඟලිල්ල පැහැදිලි කරන්නේ එතනත් රැවැටිල්ලක් කරමින් ඇති බවය.

මේ රටෙ දේශපාලන ඉතිහාසය තුල ජවිපෙ තරම් බොරුවෙන් රැවැටිල්ලෙන් දේශපාලනය කළ වෙනත් පක්ෂයක් නැති බව අදත් ඔවුන් විසින් පැහැදිලි කරන ලදී.

- the novemberist

Last modified on Friday, 19 February 2021 00:00

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us