වසර 4ක් තුළ මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර කිරිපිටි ආනයනය නතර කරයි  

Published in පුවත්
Wednesday, 17 February 2021 09:58

ඉදිරි වසර හතර ඇතුළත මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමෙන් අනතුරුව කිරි පිටි ආනයනය නතර කර දියර කිරි ප්‍රචලිත කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරි පිටි ආනයනය කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයාසදහන් කර ඇත.

එහිදී අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ,

''නවසීලන්තයේ දෙවැනි විශාලතම කිරි පිටි අපනයනකරු ශ්‍රී ලංකාවයි. කිරි පිටි ආනයනය නතර කළ සැනින් නවසීලන්ත අගමැතිවරයා අපේ රටට පැමිණෙනවා.
මිල්කෝ සමාගමේ දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ හයක් . එහෙත් ආයතනයට දෛනිකව ලැබෙන්නේ කිරි ලීටර් ලක්ෂ දෙකක් පමණයි. මාකඳුරේ කිරි කර්මාන්තශාලාව නුදුරේ දී විවෘත වුවත් එහි නිෂ්පාදන කටයුතු සඳහා ප්‍රමාණවත් වන තරම් කිරි නැහැ.

රටේ ගවයන් ලක්ෂ 12ක් සිටිනවා. මේ අතරින් කිරි ලබාගන්නේ ගවයන් ලක්ෂ දෙකහමාරකින් පමණයි. තවත් කිරි ගවයන් ලක්ෂ දෙක හමාරක් ගැබ් නොගැනීම නිසා කිරි ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
කිරි ගවයන්ට නියමිත වේලාවට ආහාර සහ ජලය ලබා දී එක් කිරි ගවයකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් දෙකකින් වැඩි කිරීමට බලාපොරොත්තු වේනවා . මෙරට කිරි ගන්නා ලක්ෂ දෙකහමාරක් වන ගවයන්ගෙන් එක් කිරි ගවයකුගෙන් දෛනිකව ලබා ගන්නේ කිරි ලීටර් තුනක් පමණි. ලෝකයේ වෙනත් රටවල කිරි ගවයකුගෙන් දිනකට කිරි ලීටර් 10ත් 30ත් අතර ප්‍රමාණයක් ගන්නවා.

මෙවර අයවැයෙන් සත්ව නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් බිලියන එකයි දශම පහක් වෙන් කර ඇති අතර මේ වසර දෙක ඇතුළත දී කිරි ගන්නා එළ ගවයන් ප්‍රමාණය ලක්ෂ පහ දක්වා වැඩි කිරීමටද නියමිතයි. මහා පරිමාණ වතු සමාගම් සමග එකතු වී විශාල ගොවිපොළවල් තුනක් ඇති කිරීම සඳහා සාකච්ඡා කර තිබෙනවා. එම සමාගම් විසින් සතුන් 4500ක් ආනයනය කිරීමට නියමිතයි. ඊට අවසරය ලබා දෙනවා'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us