ජාතික කොඩිය එසවූ නිසා කොටි තර්ජන !

Published in පුවත්
Wednesday, 17 February 2021 13:41

ජාතික කොඩිය ඔසවා යාපනයේ ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කළ තමාට හා පවුලේ අයට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු නිවෙසටම පැමිණ තර්ජනය කළ බවට යාපනය සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අරුලානන්දම් අරුල් සිද්ධාර්ථන් ඊයේ (16දා) චුන්නාකම් පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

''උඹලා මේ දෙමළ ඊළමේ සිංහලයාගේ කොඩිය ඔසවනවාද, තොපි හිතුවද එල්.ටී.ටී.ඊ.ය නැහැ කියලා. ඕවා නවත්ත ගන්න කියල අරූට කියපන්'' යැයි තර්ජනය කර තිබෙන බවද ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

චුන්නාකම් ප්‍රදේශයේ තම නිවෙසට අවස්ථා දෙකකදී පැමිණ මොහු තමා සොයා ඇති බවත් තමා නිවෙසේ නොසිටි හෙයින් තම බිරියගේ 56 හැවිරිදි මව වෙත මෙම තර්ජනය සිදුකර ගොස් ඇති බවත් පැමිණිල්ලේ සඳහන් ය.

මෙම පුද්ගලයා හිටපු කොටි බුද්ධි නායකයෙකු බවට තොරතුරු තිබෙන බව ද අරුලානන්දම් අරුල් “අරුණ”, කළ විමසුමකදී කියා සිටියේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us