ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි මෙරටට ලබාදීමට ඉන්දියාව එකගවේ

Published in පුවත්
Wednesday, 17 February 2021 16:10

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි මෙරටට ලබාදීමට ඉන්දීය මහකොමසාරිස් සමග කළ සාකච්ඡාවේදී එකඟතාව පළ කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද (17) කොළොන්නාව තොග ගබඩා පර්යන්තයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .

එම සාකච්ඡාවේ දී පැවති සියලු අර්බුද නිමා කරගත හැකි වු බවත් පැවසු අමාත්‍යවරයා, 2017 වසරේ අත්සන් තබන ලද ගිවිසුමේ ඇති විදිවිදාන අමතක කර රජය විසින් ඉදිරිපත් කළ කොන්දේසි සියල්ලට ඉන්දීය මහකොමසාරිස්වරයා සිය එකඟතාවය පළ කළ බව ද කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගම්මන්පිල ,

“2003 සිට අපිට අහිමිවුණ අපේ මහා සම්පතක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින් අප සතු වන බව අපි ඉතාම ආඩම්බරයෙන් පවසනවා. එහිදී ත්‍රිකුණාමලය ආසන්නයේ ඇති නැව්වලින් බහුතරය ඉන්දියාවට අයත් වෙන්නේ. ඒ නිසා ඒ වෙළෙඳපොළ ළඟා කර ගැනීමට ඉන්දියාවේ සහයෝගය අත්‍යාවශ්‍යයි. ඒ නිසා ලංකා අයිඕසී සමාගම එක්ක එකතු වී එම තෙල් ටැංකි සංවර්ධනය කරලා ශ්‍රි ලංකාවට දැවැන්ත විදේශ විනිමයක් සපයන තැනක් බවට නුදුරේ පත්කරන බවට ජාතියට ප්‍රතිඥා දීමට කැමතියි.“ යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us