සහල් මිල රු.100ට වඩා වැඩිවීමට ඉඩ තබන් නැහැ - බන්දුල  

Published in පුවත්
Saturday, 20 February 2021 10:38

ඉදිරි වසර 3තුළ කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා වැඩිවීමට ඉඩ නොතබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව නගරයේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ , ගොවියාට වඩාත් සාධාරණයක් සැලසෙන මිලක් සහතික මිල ලෙස ලබා දී ඇති බවත් තෙත වී කිලෝවක් රු 44කටත් සාමාන්‍ය නාඩු කිලෝවක් රු 50ක් හා සම්බා කිලෝවක් සඳහා රු 52ක් ලෙස නිශ්චිත මිලක් නියම කර ඇති බවයි.

ඒ අනුව එම මිලට වඩා වැඩියෙන් කවුරුන් හෝ සහල් මාෆියාවක් සෑදීම සඳහා මිල දී ගත්තොත් ඒ අයට රු 100කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට කිසිවිටෙකත් ඉඩක් නොමැති බව ද අමාත්‍යවරයා පවසා ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍යවරයා,

“දැන දැනම තමුන් වැඩි මිලකට වී මිලදී ගන්නවා නම් ඔහු ඒ පාඩුව විඳගෙන ගොවියාට යහපතක් සලස්වා දීම සඳහා පුණ්‍ය කටයුත්තක් ලෙස එය කරනවා කියා අපි හිතනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය ලබන සතියේ සිට වැඩි මිලට සහල් අලෙවි කරන සියලු වෙළෙඳසැල් වටලලා නඩු පැවරීමේ ක්‍රියාවලිය සිද්ද කරනවා. අපිට පුළුවන් මේ සියල්ල විනාශ කරලා දාන්න. අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නි සම්බා රු 85කට මුළු ලංකාව ම පිරෙන්න හාල් පුරවන්න. එහෙම වුණාම ගොවියන්ට තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරිවෙනවා. එතකොට මෝල් හිමියන්ටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. පසුගිය රජය සමයේ දිගටම අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි අස්වැන්න කැපෙන කාලයටත් හාල් පිට රටින් ගෙනල්ලා තොග වශයෙන් ගෙනල්ලා වෙළෙඳපොළට අතඇරිය එක.“ යනුවෙන් සදහන් කර තිබේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us