News Items (18842)
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේනවා .
ළබන 2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.
මෙම මාසයට නියමිත විශ්‍රාම වැටුප අනිද්දා (10) දිනයේ ලබා දීමට නියමිතව තිබේන අතර අදාළ විශ්‍රාම වැටුප්ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා තිබේනවා.
වරායෙන් නිදහස් කර නොගත් සහ රේගුවෙන් රාජසන්තක කල ආහාර ජනතාවට !
වරායෙන් නිදහස් කරගනු නොලබන හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේනව.
සමර්සෙටි තේ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ඉදිකළ කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.
කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේනවා.
සියලුම වාණිජ බැංකු සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේනවා.
පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා පාර්ලිමේන්තුව අද (08 වැනිදා) දිනයේ පැය 4ක කාලයක් රැස්වීමට තීරණය කර තිබෙනවා. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දින දෙකක විවාදයක් ඉල්ලා ඇතත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා අද (08 වැනිදා) දිනයේ පැය හතරක කාලයක් ලබා දීමට එකඟ වී ඇත්තේ.
එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්
උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා
බලාපොරොත්තු හින පෙන්නුවා
මාත් හරි අසාවෙන් එ හැම එකක්ම
පොදි බැද ගත්තා...
එ හැම හීනෙටම කල් ඉකුත්වීමේ දිනයක් ළග බව දැන ගත්තත්
උඹේ කළු සුදු සමාජයේ තියෙන
සුන්දරම වචනවලින්ම මගේ
හදවත කුලියට අරගත්තා...
හැමදාමත් උදේට අම්මා දෙන කැම එකත්
අරන් පංති යනවා කියලා උඹත් එක්ක මං යන්නේ ඇවිදින්න
එත් අම්මා දිපු බත් එක හැමදාමත් කුණු බක්කියේ...
දවසක් උඹ මට කිවුවා වැලන්ටයින් එකට ඇවිදින්න යමු කියලා
එදා තමයි මගේ ආත්මය උබ උරා බිපු දවස උඹ
මාත් උඹට පුජා කරා හැම දෙයක්ම දොතින්ම...
උඹ කියන වාගේ බඩුවක් හින්දා නම් නෙවෙයි
හදවතින්ම ආදරය කරපු නිසා
අදටත් මගේ ආත්මය උඹ හරි අපුරුවට විකුණනවා
සමාජ වෙබ් අඩවිවල ...
-ලක්මාලි ජාගොඩ
කොවිඩ් අවදානම මැද සේවයට වාර්තා කළ සෞඛ්‍ය අංශයේ ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබා ගැනීමට පැවැති බාධකය නව චක්‍රලේඛයක් මගින් ඉවත් කර තිබේනවා.
