News Items (18842)
සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දීය සහාය...!
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ.
සංවර්ධනය නොනවතී ! රු. බිලියනයට වැඩි මහා පරිමාණ ව්‍යාපෘති 284 ක් ක්‍රියාත්මකයි !
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284ක් අමාත්‍යාංශ 41ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර එම ව්‍යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5ක් වෙන් කර තිබේ.
මිල වැඩියෙන් පොහොර අලෙවි කරන්නන් සොයා රට පුරා මෙහෙයුම් !
වැඩිමිලට පොහොර අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා . මේලෙස නීති කඩකර පොහොර අලෙවිය සිදු කළහොත් දැඩි නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි පාරිභෝගික අධිකාරිය අවධාරණය කරන්නේ.
තෙල් මිළ වැඩි වෙනකොට දේශීය ආර්ථිකය වර්ධනය වෙනවාද?
මෙරට ඉන්ධන මිළ වැඩි කරනු ලැබුවේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙහි පොදු වැඩ පිළිවෙලෙහි තවත් එක් ප්‍රධාන අංගයක් ලෙස බව පසුගියදා ජනාධිපති මධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියා.
ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේනවා.
මිට සුළු වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප නියම වී තතිබෙන බව වාර්තා වෙනවා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට යොදා ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටි හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරට හා උප පොලිස් පරීක්ෂක සුගත් මැන්ඩිස් ඇප පිට මුදා හරිනවාද? නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද තීරණය කරනු ඇත.
ජනතාවට දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල වගකිවයුතු බව සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය ඊයේ (15 වැනිදා) තීරණය කර තිබෙනවා.
නාඩගම් දැන් ඇතිය.. වසර එකහාමාරක් තිස්සේ අපි බලා සිටියෙමු. යායුතු මඟ පැහැදිලිව කියා ඇත. යායුතු අයුරු පැහැදිලිව කියා ඇත..යායුත්තේ කොතැනටදැයි පැහැදිලිව කියා ඇත.. අත්නොහැර, මඟ නොහැර අප සමඟ පැමිණි පිරිස සමඟ අප ඉදිරියට යායුතුය..
පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මාළු පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇත. බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා පිටි හැර අනෙකුත් පිටි වර්ගවල මිල ද ඉහළ දමා ඇති බව එම සංගමය ප්‍රකාශ කර තිබේ.
