එය කළ හැකියි...කළ යුතුයි...වෙන විකල්ප නැත..!!! Featured

Tuesday, 15 June 2021 13:55

නාඩගම් දැන් ඇතිය.. වසර එකහාමාරක් තිස්සේ අපි බලා සිටියෙමු. යායුතු මඟ පැහැදිලිව කියා ඇත. යායුතු අයුරු පැහැදිලිව කියා ඇත..යායුත්තේ කොතැනටදැයි පැහැදිලිව කියා ඇත.. අත්නොහැර, මඟ නොහැර අප සමඟ පැමිණි පිරිස සමඟ අප ඉදිරියට යායුතුය..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා ලෙස අප පත්කර ගත්තේ අහම්බයක් හෝ කරුණු හරි හැටි නොදැන නොවේ.. මේ රට මේ රටේ මිනිස්සු වෙනුවෙන් විය යුතු නායකත්වයේ වගකීම ගැන බොහෝ කරුනු කාරණා ඇතිවය.. ඔහු නිවැරදි තීන්දුව ගත්තේය. නිවැරදි වැඩ පිළිවෙලවන් ඉදිරිපත් කළේය. නායකයකු ලෙස ලබාදිය යුතු කොන්ද පණ ඇති සෘජු තීන්දු තීරණ සමඟ ඔහු තවමත් එලෙසම සිටී.. ඔහු සමඟ ඒ ජවයෙන් ඒ අධිෂ්ඨානයෙන් ඒ විශ්වාසයෙන් ඒ අවංකත්වයෙන් ඒ ගමන යන්නට හැමෝටම බැරි බව ඇත්තය.. ඒ හැකියාව නැති , බොරුවෙන් වංචාවෙන් රැවටිල්ලෙන් කිසිවෙකුට ඔහු සමඟ යා නොහැකි බවත් දු‍ටුවෙමු. තමන්ට වාසියක් නැතැයි කියා මඟ නවතින් උන්ද දුටුවෙමු. තමන්ගේ අසමත්කම් පෙන්වමින් මඟ ඇදවැටෙන උන්ද දුටුවෙමු.

ඒ වගේම කකුල් මාට්‍ටු දමා , මඟ වරදවා, මේ ගමන ආපසු හරවන්නට කැස කවන උන්ද දු‍ටුවෙමු.. එහෙත් ඒ අනන්ත බාධක හිරිහැර හමුවේත් නායකයකයාගේ ගමන සිදුවෙමින් තිබේ. ඒ දරාගැනීමට නොහැකි වුවන්ගේ ආඩපාලි නින්දා අපහාස කොතෙකුත් වූවද ඔහු නොනැවතී ගමන් කරයි. ඔහු කියන්නේ එය කළ හැකි බවයි.. එය කළ යුතු බවයි. වැදගත්ම දෙය එයය. නායකයකුගේ අධිෂ්ඨානය නොපසුබස්නා වීර්යය ජයග්‍රහණයම ගෙන එනවා මිස පරාජය වීමක් නැත. ඔහුට ශක්තියක් වීමට දසලක්ෂ සංඛ්‍යාත මහ සෙනගක් සිටී.. ඔහු ලබාදෙන නායකත්වයේ ආදර්ශය මතු දිනෙක ඔහු අතින් ගිලිහෙන කොඩිය අතගැනීමට තවත් දහස් ගන්නක ඔහු පිටිපසින් පැමිණෙනවාද ඇත...එය කිසිදා පරාජය වීමක් නැත. අරමුණ ජයග්‍රහණය කරන තෙක් මේ ඉදිරියට ඇදෙනවා ඇත.

මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් අප පෙළ ගැසිය යුත්තේ එවන් නායකත්වයක් වටා විනා බොරු වීරයන් රැවටිලිකාරයන් තක්කඩියන් සමඟ නොවේ. අද මේ මොහොතේත් දැනට පෙනෙන නුදුරු අනාගතයේත් අපට වෙන විකල්ප නැත. රටේ සෞභාග්‍යය උදාකරනු වස් ඇති එකම විකල්පය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ වන මේ දුෂ්කර ගමන පමණය. එය අසීරුයි.. බාධාකාරීයි.. කම්කටොලු සහිතයි...අසීමිත කැපකිරීම් කරන්න වේවී.. බොහෝ වෙහෙසෙන්නට සිදුවෙවී...ඒත් අවශ්‍යම දේ මේ ගමන් යාමයි..ඊට ඇවැසි එඩිතර විශ්වසවන්ත නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දී තිබියදී ඔහු මඟ හැර යාමට රටට ආදරය ඇති, මේ රටේ යහපත් සුබදායක අනාගතය ගැන හිතන පතන මිනිසුන්ට කළ නොහැක. වෙන විකල්ප නැත.. මේ තමයි එකම අවස්ථාව... අපි ගමන් කරමු ජයග්‍රහණය තෙක් ගමන් කරමු....අපි දිනනවා..එය වැලැකවිය නොහැකියි.

-the novemberist

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us