මේක අලුත් අරගල සමයක්.....තෙල් මිළ ගැටළුවක් නොවේ ! Featured

Sunday, 13 June 2021 20:24

සරම ඇඟේ දවටා තිබෙන තාක් කල් අමුඩ ලේන්සුව ගැන වගක් නැති වුණද සරම කැඩුණු කල හෝ අමුඩ ලෙන්සුව සොයන්නට සිදුවේ. දැන් ගෙවෙන්නෙ එහෙම කාලයකි.

ඉන්ධන මිළ ඉහළ දැමීමට ගත් පියවර ආපසු අකුලා නොගැනීමට ආණ්ඩුවට හයියක් තිබීම සැලකිය යුතු කරුණකි. යහපාලකයෝ ඉන්ධන මිළ අඩු කර කළ ගොන්කම වත්මන් පාලකයන් විසින් නොකළ යුතුය. මිළ ඉහළ යෑම ඉන්ධන භාවිතය අධෛර්යමත් කිරීමට මෙය යම් ප්‍රමාණයකින් හේතුවක් විය හැකි නමුදු..ඒ තවදුරටත් වර්ධනය කළ යුතුය. ජනාධිපති මාධ්‍ය අංශය අද (13) නිකුත් කළ නිවේදනයේ ඉන්ධන මිළ ඉහළ යෑම මත පොදු මහජනතාව හමුවට පැමිණිමට නියමිත ගැටළු ගැන කිසිවක් සඳහන් නොවුණේ අහම්බයකින් නොවිය හැකි නමුදු එම ගැටළු ‍රැසකට ආණ්ඩුවට උත්තරදීමට සිදුවෙනු ඇති බව මේ තීරණය ගැන එල්ල වන විවේචනවල මූලික හරය වීද තිබේ.

එහෙත් අප දන්න තරමින් ආණ්ඩුවට එහෙම උත්තර නැත. එහෙම අවශ්‍යද නැත. මන්ද එහෙම උත්තර සෙවීමම විකාරයක් බව මේ කාලයේ නිරන්තරයෙන් ඔප්පු කරමින් තිබෙන සත්‍යයක් නිසාය. රට ලෝකය අධිවේගයෙන් වෙනස් වෙමින් තිබේ. අලුත් දැනුම වේගයෙන් බිහි වෙමින් තිබේ. සමාජ ආර්ථික දේශපාලනික තිීන්දු තීරණද එනයින් වෙනස් වේ. ගැටලුව මෙයයි.. එයට උත්තරය මෙයයි.. කියමින් ළිං මැඩි වාද කරමින් සිටියදීම ගැටළුව වෙනස් වේ. ඒ අනුව අලුත් උත්තර සොයන්නට සිදුවේ. මේ කිසිදා අවසන් නොවන්නකි.

අධික ඉන්ධන පාරිභෝජනය රටට ගැටළුවවක් නම් ඒ අවසන් කළ යුතුය. ඒ තීන්දුව ගත යුතුය. පසුව එන ගැටළුවලට උත්තර ඒ ගැටළුව විසින්ම රැගෙන එනු ඇත. අලුත් උත්තර, අලුත් අදහස්, අලුත් ක්‍රියාකාරිත්වයන් බිහිවෙනු ඇත. රසායනික පොහොර තහනමද මේ අකාරයමය.

එහෙත් ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ ගැන වන විවේචකයන්ටද මෙන්න මේකයි කියා එහෙම උත්තර නැත. විකාර නන්දෙඩවීම් නම් ‍රැසක් තිබේ. මේ ගෙවෙන්නේ අර්බුදය විසින්ම තත්වයන් කළමනාකරණය කරගැනීමෙන් පසුව මතුවන උත්තර මිස කිසිවෙකු සතුව පැහැදිලි උත්තර නැති බව, යථාර්ථය ලෙස පිළිගැනීමට සිදුවන කාලයකි. පොදු මහජනතාවට පීඩාවන් සිදුවිය හැකිය, කැපකිරීම් කරන්නට සිදුවිය හැකිය. ඒ තත්වයන් හිතකර ලෙස පාලනය කරගැනීමට පාලකයා සමත්වීම වියයුතුය. ජනතාව බලාපොරොත්තු වන්නේ එය පමණය. එය පාලක පාර්ශ්වයේ වගකීමක් ද වෙයි.

කොහොම නමුත් දැනුම නිශ්පාදනය වන්නේ අරගලය මඟින් යැයි කියති. මේ එහෙම අරගල සමයකි. ඒ අරගලය වෙනුවෙන් කොන්ද පණ ඇතිව තීන්දුවක් ගැනීමට සෘජු අභීත නායකයකු නැතිව ගෙවුණු කාලය දැන් අවසන් වී ඇති බව වත්මන් ජනාධිපතිවරයා පැහැදිලි පණිවිඩයක් රටට ලෝකයට ලබාදී ඇත. දැන් අරගලය ආරම්බ වී ඇත. නවමු අපේක්ෂාවන් සමඟ අප රටක් ලෙස ඊට මුහුණ දියයුතු වෙමු.

- the novemberist

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us