එන්න අපි ගෙවත්තෙන් පටන් ගමු... Featured

Saturday, 05 June 2021 13:17

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. කාර්යබහුල මිනිසාට විවේකයක් ලබාදී, සිය නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින් සොබාදහම මෙවර පරිසර දිනය සමරයි.

1972 වසරේ ස්වීඩනයේ - ස්ටොක්හෝම් නුවර පැවති එක්සත් ජාතීන්ගේ පරිසර සම්මේලනයේදී ගත් තීරණයක් අනුව සහ එහි සමාරම්භක දිනය සමරමින් ජුනි 5 වනදා ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එතැන් පටන් වසරක් පාසා පරිසර දිනය සැමරුවත්, වසරකට එක රටක් බැගින් කේන්ද්‍ර කර ගනිමින් ලෝක පරිසර දින වැඩසටහන නිල වශයෙන් පැවැත්වීම ආරම්භ වුණේ 1987 සිටයි. අප අවට පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව ලෝවටා ජනතාව දැනුවත් කිරීම සෑම වසරකම මේ දිනයේ දී සිදුවනු ඇත. ඒ, විවිධ රටවල රජයන්, ව්‍යාපාර, ප්‍රකට පුද්ගලයන් සහ පුරවැසියන් ඒකරාශී කර ගනිමිනි.

පරිසරය සුරැකීමේ වැඩසටහන් ජාත්‍යන්තර මට්ටමින් දියත් වුවත් පරිසර විනාශයට තිත තැබීමට ලොව බොහෝ රාජ්‍යයන් තවමත් සමත්ව නැත.ඒ අනුව ග්‍රේටා තනබර්ග් පරිසර විනාශයට එරෙහිව ලෝක මට්ටමේ කතිකාවක් ආරම්භ කිරීමට සමත් වන්නේ එවන් පරිසරියකය. පරිසරය සහ හුස්මපොද අතර පවතින වෙන්කළ නොහැකි බැඳීම සිහිපත් කරමින් '' හුස්ම පොදයි - පරිසරයයි'' යන තේමාව යටතේ මෙවර ලෝක පරිසර දිනයට සමගාමීව මෙරට හරවත් වැඩසටහක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කර ඇත.

මෙරට ජෛව විවිධත්වයෙන් අනූන දූපතකි. එහෙත් සොබාදහම සහ අප මේ පැමිණ සිටින්නේ, මානව ඉතිහාසය ආරම්භයේ සිට අද දක්වාම ස්වාභාවික සමතුලිතාවට ඉවහල් වූ ස්වාභාවික ප්‍රාග්ධනය වන, වන සම්පත මෙන්ම වන ජීවීන්ද පැවැත්මේ දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති වකවානුවකටයි.

මිනිසාගේම ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමට සිදුවන හානිය වළක්වාගැනීම හෝ අවම කරගැනීමේ අරමුණින් මිනිසා විසින්ම විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුවීම වර්තමානය වන විට දක්නට ලැබෙන කරුණකි. අද වනවිට සොබාදහම සමග අපට ඇති සබඳතා ගැන නැවත සිතා බැලීමට සහ පරිසර හිතකාමී වගකීම් සහගත ලෝකයක් නැවත ගොඩනැඟීමට අපට අවස්ථාවක් ලබාදීමට කොරෝනා වෛරසය ඉඩකඩ සකසා තිබේ.

එහෙත් ස්වභාවික පරිසරයෙන් තොර මිනිස් ජීවිතයක් පවත්වාගැනීම අසීරුය යන කරුණ බොහෝ ස්වභාවික ව්‍යසනයන්ට ගොඳුරු වන අවස්ථාවක වුවත්, මිනිසා තවමත් අවබෝධ කරගෙන නොමැති බව පරිසරවේදීන් පෙන්වාදෙයි. විශේෂයෙන්ම අද රටක් වශයෙන් අප මුහුණ දී ඇත්තේ උග්‍ර පාරිසරික ප්‍රශ්න ගණනාවකටය. අප මේ මොහොතේ දන්නේ පරිසරය පද්ධතිය දුෂණය කරමින් අප අනාගතය කරා ගමන් කරන බවය. එමෙන්ම අද ගෝලීය වශයෙන් මිනිසා ඇතුළු සත්ත්ව සංහතියම සෞඛ්‍යය අර්බුදයකට මුහුණ පා සිටී.

විවිධාකාර වසංගත අද අපව වෙලාගෙන ඇත. කොරෝනා වසංගතය මැඩලීමේ විශාල අභියෝගයක් දරමින් රජයට කටයුතු කිරීමටද අද සිදුව ඇත .එය එසේ සිදුවෙද්දී රට තුළ ව්‍යාප්ත වන ඩෙංගු වසංගතයටද ලක්වැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් ඇත. එහෙත් ඩෙංගු වසංගතය මර්දනය කිරීමේ විශාල වගකීමක් තිබෙන්නේ රටේ ජනතාව සතුව බව නැවත නැවත සිහිපත් කළ යුතුය.

විශේෂයෙන්ම අප මෙතෙක් සාකච්ඡා කළ මහා පරිසර දූෂණය පිළිබඳ කතිකාවෙන් අප නිවස අවට පරිසරය බැහැර වන්නේ නැත. එය පිරිසිදුව සහ පරිසර හිතකාමීව පවත්වාගෙන යාම අප සතු වගකීමකි. පරිසරය යනු මහා වනාන්තර, ගංගා, මුහුද සහ කැලයේ සිටින සතුන් පමණක් යැයි සිතා සිටීම අපගේ මුග්ධකමකි.

වත්මන් රජය කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමේ වගකීම වැඩි බරක් දමා ඉටු කරමින් සටන් වදින මොහොතක ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වගකීම ජනතාව බාර ගත යුතුව ඇත්තේ නිවස අවට පරිසරය සහ එහි වගකීම ඇත්තේ ඔබ සතුව නිසාය. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පරිසර දිනය සැමරීමේ ප්‍රදර්ශනාත්මක වැඩසටහන් මෙවර ක්‍රියාත්මක නොවූවත් සෑම දිනක්ම පරිසර දිනයක් ලෙස සලකා කටයුතු කිරීම මේ මොහොතේ ජනතාව සතු වගකීමකි.
මෙවර පරිසර දිනයට සමගාමිව ඩෙංගු මදුරු මර්දනය සඳහා ‘හුස්ම පොදයි - පරිසරයයි’ මැයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර ඇත්තේ ඒ නිසාවෙනි.

අද (05) සහ හෙට (06) තම නිවස අවට පරිසරය පිරිසිදු කරන අයුරු වීඩියෝ ගත කර පරිසර අමාත්‍යාංශයට එවන ලෙස පාසල් සිසුන්ගෙන් රජය ඉල්ලීමක් කරන අතර, මේම දින දෙක තුළදී සෑම පැයකට වරක් තෝරා ගත් පවුල් පහක් සඳහා රුපියල් 5000 බැගින් ලබා දීමට කටයුතු සුදානම්ව ඇත. සෑම වසරකදීම සමරනු ලබන පරිසර දිනය සාම්ප්‍රදායික පරිසර දිනයක් නොවී මෙවර එයට නව අරුතක් එක් කිරීමට රජය ගෙන ඇත්තේ එවන් හරවත් පියවරකි.

පරිසරය ආරක්ෂා කරගැනීමේ වගකීම සමාජයට ඒත්තු ගැන්වීමේදී එය දීර්ගකාලීන ව්‍යයාමයක් වීම වැලැක්විය නොහැක. එහෙත් අලුතෙන් හිතන පරම්පරාවක් අලුත් ආකල්ප සහිත පරම්පරාවක් බිහිකර ලෝකයේ මේ විනාශකාරී ගමන් මඟ වෙනස් කිරීමට අපට සිදුව තිබේ. එය ආරම්භ කළ යුතු වන්නේ දරුවන්ගෙනි.. පරිසරය රැකගැනීම පිළිබඳ දැඩි අධිෂ්ඨානය ගොඩනැගිය යුත්තේ ඔවුන් තුළය. රටේ අනාගතය බාරගැනීමට සිටින පරම්පරාව එලෙස හැඩ ගැස්සවීම අද සිහිබුද්ධිය ඇති වැඩිහිටි පරපුරේ යුතුකමය, වගකීමය. මන්ද අනාගතය වැඩිහිටි අපගේ නොව ඒ දරුවන්ට අයත් එකක් නිසාවෙනි . ඔවුන්ගේ යහපත් පැවැත්ම වෙනුවෙන් අපට කළ හැකි දේ අප අද කළ යුතුය. ඒ අනුව මෙවර පරිසර දිනය වෙනුවෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම ගැන පාඩම දරුවන් තුලින්ම ලෝකයට දෙන පණිවිඩයක් ලෙස නිකුත් කිරීමට පරිසර අමාත්‍යංශය ගෙන තිබෙන පියවර ප්‍රශංසනීය බව පැවැසිය යුතුය.

එහෙත් එය දරුවන්ගේ කර මතම නොතබා වගකිවයුතු පුරවැසියන් ලෙස ඊට සහය වෙමු.
එන්න අපි ගෙවත්තෙන් පටන් ගමු...අපේ දරුවන් වෙනුවෙන් !

-පංචාලි

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us