ශානි නිදහස් වෙයිද ? නැද්ද ? තීන්දුව අද !

Published in පුවත්
Wednesday, 16 June 2021 10:33

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට යොදා ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්ව සිටි හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරට හා උප පොලිස් පරීක්ෂක සුගත් මැන්ඩිස් ඇප පිට මුදා හරිනවාද? නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද තීරණය කරනු ඇත.

ඒ දෙදෙනා ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත් දෙක නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි කැඳවන ලදී.

හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් නඩු දිනයේදී වැලිකඩ බන්ධනාගාරයට නියම කර තිබුණි. එහෙත් වාර්තාව ඊයේ උසාවියට ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ ගැන වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරුණු විමසා බලන ලෙස විනිසුරු මඩුල්ල රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය. එම පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ඇප ඉල්ලීම පිළිබඳව ගන්නා තීරණය අද (16 වැනිදා) දැනුම් දෙන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළහ.

ශානි අබේසේකර හා සුගත් මැන්ඩිස් යන පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින්ම රිමාඩ් භාරයට පත්කළේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයයි. ඇප ඉල්ලීම් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප විය.

දෙදෙනාම අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පත් දෙකක් වෙනම ගොනු කළේ ඉන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා සිටියේ දැනට රෝගී තත්ත්වයෙන් පසුවන තමා ශල්‍යකර්මයකට භාජනය වීමට ඇති බව කියා සිටිමිනි. රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී එම කටයුත්ත කිරීමට අපහසු බවද ඔහු සිය නීතිඥවරයා මගින් අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

අධිනීතිඥ විරාස් කොරයා සහ චමින්ද අතුකෝරාල පෙත්සම්කාර පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියහ.අතිරේක සොලිස්ටර් ජනරාල් රොසාන්ත අබේසූරිය නීතිපති වෙනුවෙන් පෙනී සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us