ශානිට ඇප !

Published in පුවත්
Wednesday, 16 June 2021 11:03

මිට සුළු වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප නියම වී තතිබෙන බව වාර්තා වෙනවා.

හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද (16) නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කර ඇත.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ, යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් එම පෙත්සම ගොනු කර තිබිණ.

එමගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ, ගම්පහ මහාධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 08 වැනි දා තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us