තෙල් මිළ ගැන රජයේ ස්ථාවරය පිළිබදව කෙහෙළියගෙන් පැහැදිලි කිරීමක් !

Published in පුවත්
Tuesday, 15 June 2021 12:22

වර්තමාන තත්ත්වය යටතේ රටේ සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීමේදී අපහසුම තීරණ වුවද ගැනීමට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (15) පැවැති මාධ්‍ය හමුවේදී .
මේ අතර ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව විවිධ මත ප්‍රකාශ කරන බැවින් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නත් අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කර සිටියා .

"තෙල් මිල වැඩි කිරීම මුරණ්ඩුකමට කරපු දෙයක් නෙමෙයි. වර්තමානයේ තියෙන තත්ත්වයන් එක්ක රටේ සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීමේ තත්ත්වයන් යටතේ ගත් තීරණයක්. ඒ නිසා සතුටුම තීරණ නොවන අපහසුම තීරණත් ගන්න සිද්ධ වෙනවා. ඒ අපහසු තීන්දුවක් හැටියට තමයි මම මේක දකින්නේ. මේ වගකීම අපි සියලුදෙනා භාරගත යුතුයි. හැබැයි එහෙම භාර ගත්තට පසුව ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක එයට සවන්දීමක් කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒ නිසා යම් යම් කණ්ඩායම්වලට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙලවල් සම්බන්ධව නිරන්තරයෙන් කතා කරනවා."

"අනික මේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය අපේ පක්ෂයේ තරම් කොහෙවත් නෑ. ඒක හොඳ ලක්ෂණයක්. මේ රටේ ප්‍රබලම පක්ෂයක් අවසානයේ බිංදුවටම වැටෙන්න හේතුව වුණේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා. අපේ කුඩේ යට ඉන්නවා විශාල පිරිසක් අපේ සහයෝගයට. ඒ අයගේත් හිත් අමනාපකම් නොවන ආකාරයට කටයුතු කළ යුතුයි." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us