වතු කම්කරුවන්ගේ ජිවිත අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් විරෝධය !

Published in පුවත්
Tuesday, 15 June 2021 11:37

කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් වතු කම්කරුවන් සේවයට කැඳවා ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කිරීමට විරෝධය පල කරන බව වතු කම්කරු මධ්‍යස්ථානය පවසයි.

වතු කම්කරුවන්ගේ ජිවිත අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් විරෝධය !

එසේම කොවිඩ් ආසාදිත කම්කරුවන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බව ද එම මධ්‍යස්ථානය කම්කරු කොමසාරිස්ගෙන් ඉල්ලා සිටියි.

වතු සමාගම් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් රුපියල් දහසේ වැටුප කප්පාදු කිරීමට කටයුතු කරන බවත් දිනකට නෙළිය යුතු තේ දලු ප්‍රමාණය අසාධාරණ ලෙස හිටිහැටියේ ඉහළ දමා ඇති බව මෙකී මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත අබේකෝන් පැවසීය.

සමාගම් කියන තේ දලු ප්‍රමාණය ලබා නොදෙන කම්කරුවන් සඳහා දින භාගයක වැටුපක් පමණක් ලබාදීමට වතු සමාගම් කටයුතු කරන බවත් ඔවුන් ඉල්ලා සිටින නිෂ්පාදන ඉලක්ක සපුරා දීමට ඉතාමත් දුෂ්කර බවත් ඔහු කීය.

සංවිධායක ලේකම්වරයා පෙන්වා දුන්නේ වසංගත සමග අසරණව සිටින කම්කරුවන්ට වතු සමාගම් මගින් එල්ල කරන පීඩනය දරාගත නොහැකි බවත් මේ වන විට දවසේ වැඩ කළයුතු කාලය ද නිවාඩු දිනවලදී වැඩ කිරීමේදී ඒ වෙනුවෙන් ලබාදෙන අමතර දීමනාව ද ගෙවීම නතර කර ඇති බවය.
වසංගතය උපයෝගී කර ගනිමින් වතු සමාගම් මෙලෙස කම්කරුවන්ව වෙහෙසට පත් කිරීම මානුෂීය නොවන බව ද ඔහු පැවසුවේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us