මහජන ගැටලු විසදීමට සෑම ගමකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු !

Published in පුවත්
Tuesday, 15 June 2021 09:58

මහජන ගැටලු විසඳීම සඳහා ග්‍රාම නිලධාරී වසම් දාහතරදහස් විසිදෙකම ආවරණය වන පරිදි ප්‍රජා පොලිස් ඒකකය බැගින් ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පොලිසිය හා ප්‍රජාව අතර මිත්‍රශීලී සම්බන්ධයක් ඇති කිරීම ප්‍රජා පොලිස් ඒකක ස්ථාපිත කිරීමේ අරමුණ වී තිබේන අතර සෑම ප්‍රජා පොලිස් ඒකකයකටම එක් ග්‍රාම නිලධාරී වසමකින් දෙදෙනකු බැගින් ශ්‍රී ලංකා පොලිසියට ස්ථීර පදනමින් බඳවා ගැනීමට නියමිතයි.

ඒ අනුව නවක පොලිස් කොස්තාපල්වරු විසිඅටදහස් හතළිස් හතර දෙනකු බඳවා ගැනීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියට මේ වන විට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පොලිස් නිලධාරීන් පූර්ණකාලීනව අනුයුක්ත කිරීමට නොහැකි වී ඇත්තේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමයි. අසූනව දහස් හයසිය තුනක කාර්ය මණ්ඩලයක් සිටින පොලිසියේ මුළු පුරප්පාඩු සංඛ්‍යාව පන්දහස් හත්සිය හතළිස් හයකි.
ඉන් පොලිස් කොස්තාපල්වරු 3000ක පුරප්පාඩු තිබේ. ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ප්‍රජා පොලිස් ඒකක පිහිටුවීමෙන් ගම්වල සමාජ විරෝධි ක්‍රියාකාරකම් අවම වීමෙන් පොලිස් ස්ථානවලට ලැබෙන පැමිණිලි අඩුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us