වැලිගම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරු සොයාගැනේ ! රටපුර වැටලීම් අඛණ්ඩව !

Published in පුවත්
Tuesday, 15 June 2021 09:47

වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයාව මේ වනවිට නිසැකවම අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඩුබායිහි සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 11 දෙනා ඊයේ (14) දිනයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබේ.
මෙම සැකකරුවන් 11 දෙනාට අමතරව අදාළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) රාත්‍රියේ දී කෝට්ටේගොඩ සහ දික්වැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර හා අනුබල දුන් අය බවට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රධාන ධීවර බෝට්ටුවේ ධීවරයින් අතරට පුද්ගලයින් යෙදවීම සහ ඒ සඳහා මුදල් යෙදවීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනා වෙයි. එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් ද රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගනිමින් ප්‍රශ්න කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බළකාය විසින් මීට දින දෙකකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. පසුව එම මත්ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 11 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට පියවර ගැනුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us