අඩු ආදායම්ලාභී පවුල් වෙත රු. 5000ක දීමනාවක් !

Published in පුවත්
Tuesday, 15 June 2021 09:37

සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේනවා.

ඒ සඳහා ඊයේ (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී එකඟතාව හිමි වූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර ඇත.

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුවු බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් ද ඊයේ රැස්වු කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුවු බවය.

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us