අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා මුදාහැරේ !

Published in පුවත්
Monday, 14 June 2021 18:26

අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කපිතාන්වරයා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 2ක පුද්ගලික බැදුම්කරයක් මත නිදහස් කිරීමට නියෝග කෙරුණි. ඔහුට විදේශගතවීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ද තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණය තීන්දු කර ඇත.

කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද උදැසන අත්අඩංගුවට ගෙන තිබුණා .

ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය දී ඇත්තේ. කෙසේවෙතත් එලෙස අත්අඩංගුවට ගෙන ඇති කපිතාන්වරයා රුසියානු ජාතිකයෙක් බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us