සංවර්ධනය නොනවතී ! රු. බිලියනයට වැඩි මහා පරිමාණ ව්‍යාපෘති 284 ක් ක්‍රියාත්මකයි !

Published in පුවත්
Wednesday, 16 June 2021 18:20

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284ක් අමාත්‍යාංශ 41ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර එම ව්‍යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5ක් වෙන් කර තිබේ.


ඒ අතුරින් ව්‍යාපෘති 53ක් "සැමට පානීය ජලය" හා "කිලෝමීටර 100,000ක මාර්ග ජාල සංවර්ධනය" වැනි රජයේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අදාළ ව්‍යාපෘතීන් වේ.
එම ව්‍යාපෘතිවලින් නිශ්චිත ආයෝජන ඉලක්ක සපුරාගැනීම සඳහා අදාළ සියලුම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඇතැම් ව්‍යාපෘතීන්හි කාර්යසාධනයට සෘජුවම බලපාන ඉඩම් අත්කර ගැනීම සම්බන්ධ කාර්ය පටිපාටික හා නෛතික ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

-adaderana

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us