මිල වැඩියෙන් පොහොර අලෙවි කරන්නන් සොයා රට පුරා මෙහෙයුම් !

Published in පුවත්
Wednesday, 16 June 2021 12:51

වැඩිමිලට පොහොර අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමට රට පුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා . මේලෙස නීති කඩකර පොහොර අලෙවිය සිදු කළහොත් දැඩි නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවයි පාරිභෝගික අධිකාරිය අවධාරණය කරන්නේ.

රජය මගින් ක්‍රියාත්මක කර ඇති පොහොර සහනාධාරය යටතේ ලබාදී ඇති පොහොර තොග වැඩිමිලට අලෙවි කරන්නන් පිලිබද ගොවි ජනතාවගෙන් ලැබුණ පැමිණිලි මත එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා. එය තවදුරටත් ක්‍රියාත්මක බවයි පාරි‍භෝගික අධිකාරිය පවසන්නේ. රුපියල් 1500 ක මිලකට අලෙවි කළ යුතු කිලේග්‍රෑම් 50ක පොහොර ඇසුරුමක් රුපියල් 2500 බැගින් අලෙවි කරමින් තිබූ වෙළෙදසැල් දෙකක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ මාතර කාර්යාල නිලධාරීන් සමත් වුණා. දෙනිපිටිය හා කඹුරුපිටිය ප්‍රදේශවල සිදු කළ වැටලීම් වලදී සොයාගත් පොහොර තොග නියමිත මිලට ගොවීන්ට ලබාදීමටයි කටයුතු කෙරුනේ. වෙළෙදසැල් හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කටයුතු කළා.

මේ අතර නුවරඑලිය දිස්ත්‍රික්කයේ පොහොර වංචනිකයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස අමාත්‍ය සී.බී රත්නායක මහතා අදාල අංශවලට දැනුම් දී තිබෙනවා. මෙම දිස්ත්‍රික්කයේ ගොවීන් සදහා ලබාදීමට පොහොර මෙට්‍රික් ටොන් 4600 ක් නිකුත් කර ඇති අතර ඇතැම් පුද්ගලියන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පොහොර ලබාගෙන වැඩි මිලට එම පොහොර විකුණනට බවට තොරතුරු හෙලිවීමත් සමගයි අමාත්‍යරයා ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරියට මෙන්ම නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා පාරිභෝගික අධිකාරියට මෙසේ උපදෙස් ලබා දී තිබෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us