සමෘද්ධි ලාභීන්ට අමතරව අඩු ආදායම් ලාභී පවුල් වෙත ද රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේනවා.

අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් "එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැර තිබෙනවා.

මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට විකල්ප වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමේ දී අභියෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමේ තීරණය ලබන වසර දක්වා කල් දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

හෙද සේවයේ සියලුම ශ්‍රේණීන්ට අයත් නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු බස් ගාස්තු 25%කින් වැඩි කළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කර සිටිනවා .

සරම ඇඟේ දවටා තිබෙන තාක් කල් අමුඩ ලේන්සුව ගැන වගක් නැති වුණද සරම කැඩුණු කල හෝ අමුඩ ලෙන්සුව සොයන්නට සිදුවේ. දැන් ගෙවෙන්නෙ එහෙම කාලයකි.

ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු අග්‍රාමාත්‍යතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කරන ලදී.

ගිනිගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකා අනතුරෙන් බලපෑමට ලක්වූ මීගමුව සිට පානදුර දක්වා වෙරළ තීරයේ ජනතාවට නිසි අවබෝධයකින් අනතුරුව ධීවර කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Connet With Us