ආයුර්වේද ඖෂධ අලෙවිසල් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද ඖෂධ භාවිත කරන රෝගීහු දැඩි අසීරුවකට පත්ව ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කරයි.

සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට ප්‍රමුඛතාව ලබාදී එන්නත්කරණය ඉදිරියේදි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඊට අදාළ චක්‍රලේඛ සකස් කරමින් තිබෙන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කර තිබෙනවා .

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනය කර තිබෙනවා.

ගිනිගත් නැවෙන් ධීවරයන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කර සිටියා.

ජූනි 06 වනදා සහ 09 වනදා සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන එක බැගින් ශ්‍රී ලංකාවට සැපයීමට චීනයේ එම එන්නත් නිෂ්පාදන සමාගම සහතික වී තිබේ.

කොළඹ දී අද (02) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ වෙළෙඳසල් විවෘත කර භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳ පොලිස් කොට්ඨාස මට්ටමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

ලබන 2022 පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත් කැඳවීමේදී එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35ක් විය යුතු බවට ලබාදුන් අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් එක් පන්තියක් සඳහා ළමුන් 40ක් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් - ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කෙරිණ.

කොවිඩ් වසංගතයත් සමග සංචරණ සිමා නිසා ආදායම් අහිමි වූ ජනතාවට හෙට (02) සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කළ බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබේනවා.

මෙරට තුළ එන්නත් නිපදවීම සඳහා අදාළ වන නීතිමය තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

Connet With Us