වාණිජ බැංකු වහන්න අවසර නැහැ ! මහා බැංකුවෙන් නියෝග !

Published in පුවත්
Tuesday, 08 June 2021 11:24

සියලුම වාණිජ බැංකු සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නියෝග කර තිබේනවා.

පවතින කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් මෙම සතියේ සිය සේවා කටයුතුවලින් ඉවත්වන බව පෞද්ගලික වාණිජ බැංකු රැසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඊයේ (07 වැනිදා) පස්වරුවේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මහ බැංකුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කොවිඩ් මාර්ගොපදේශයන්ට යටත්ව සියලුම වාණිජ බැංකු අඛණ්ඩව සිය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යායුතුය.

එම අත්‍යවශ්‍ය සේවා අතර වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම, භාණ්ඩාගාර කටයුතු, චෙක්පත් මුදල් බවට පත්කිරීම ඇතුළු කටයුතු වේ.

මෙම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා සියලුම බැංකු ශාඛා ,15කට නොවැඩි සේවක පිරිසක් පමණක් කැඳවිය යුතුය. එසේ පවත්වාගෙන යන බැංකු කටයුතු පිළිබඳව ආසන්නම පොලිසිය දැනුවත් කර බැංකු කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන කටයතු සම්බන්ධීකරණය කළ යුතුවේ.

අදාළ චක්‍රලේඛයට අනුව සියලුම බැංකු තමන් පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා පිළිබඳව දැන්වීම් මාර්ගයෙන් දැනුවත් කළ යුතුය. එසේම ගනුදෙනුකරුවන්ට සේවා සපයාගත හැකි දුරකථන අංක ප්‍රදර්ශනය/දැනුවත් කළ යුතුය.

එසේම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික සහ අන්තර්ජාල බැංකු සේවා අඛණ්ඩව පවත්වාගෙන යායුතු බවද මහ බැංකුව සියලුම වාණිජ බැංකු වලට නියෝග කර ඇත.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us