අතිරික්ත එළවළු හා පළතුරු රජයෙන් මිළදී ගනී !

Published in පුවත්
Tuesday, 08 June 2021 12:07

කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවූ සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේනවා.

ඒ අනුව සංචරණ සීමා පනවා ඇති අවස්ථාවන්හි දී අලෙවි කර ගත නොහැකි පලතුරු හා එළවළු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපතිවරුන් මඟින් මිලදී ගැනීමට නියමිතයි.

එසේම මිල දී ගත් එළවළු හා පලතුරු තොග සංචරණ සීමා අවසන් වන තෙක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රට පුරා පැතිර යන කොවිඩ් වෛරසය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් මෙන්ම මහා පරිමාණ ගොවීන් ද විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි.

මේ පිළිබදව ඇතැම් පාර්ශවයන්ගේ දැඩි විරෝධය රජයට එල්ල විය. පසුගියදා ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා පවසා සිටියේ " රජය මිලදී ගැනීමේ වැඩ සටහනක් තියෙනවා කිව්වට ඒකත් අපේ ගොවීන්ට ලැබිලා නැහැ’’ යන්නයි. කෙසේවෙතත් නියම අවස්ථාවන් තුළ නිවැරදි තීන්දු තීරණ ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීයයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us