රටේ තත්වය ගැන සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේදී !

Published in පුවත්
Tuesday, 08 June 2021 11:04

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා පාර්ලිමේන්තුව අද (08 වැනිදා) දිනයේ පැය 4ක කාලයක් රැස්වීමට තීරණය කර තිබෙනවා. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දින දෙකක විවාදයක් ඉල්ලා ඇතත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා අද (08 වැනිදා) දිනයේ පැය හතරක කාලයක් ලබා දීමට එකඟ වී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07 වැනිදා) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනූව අද (08 වැනිදා) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් විය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන්⁣ ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොපවත්වා පස්වරු 12.30 දක්වා ආණ්ඩුවේ මුදල් රෙගුලාසි කීපයක් අනුමත කර ගැනීමටත් ඉන්පසු සවස 4.30 දක්වා රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ගෙන එන යෝජනාව විවාද කිරීමටත් පක්ෂ නායකයෝ එකඟ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us