කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ අනතුරු ඇඟවීමක් කළේය.

download 4

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය අද  (17) දිනයේදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.


චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පැවැත්වේ.”හායි චයිනා හායි ශ්‍රී ලංකා” යන තේමාවෙන් යුත් එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කළේය.

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැලියෙන්ම පෙනෙන්නට තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මීට සුළු වේලාවකට පෙර තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සහතික වූවේය.

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට  තීරණය කර නොමැති බව හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 

රනිල් වික‍්‍රමසිංහ කළේ මොකක්ද? ඔහු සිතන්නේ කොහොහොමද? ඔහු මොනව කරන්නද හදන්නේ? මේ වැනි ප‍්‍රශ්න සාමාන්‍යයෙන් රනිල් සම්බන්ධයෙන් තිබේ. ඔහුව වටහාගැනීම පහසු නැත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ.

කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 20% කින් අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව 30% කින් වැඩි වී තිබෙන බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසා තිබේ.

Connet With Us