සිරිසේන ප්‍රසිද්ධියේ සජිත්ට වැඩ නැතිලු.  

Published in Gossip
Friday, 16 August 2024 15:18

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා සමග සන්ධානගත වීමක් හෝ එවැනි සහායක් හෝ ලබාගැනීමට සමගි ජන සන්ධානයට අවශ්‍යතාවයක් නොමැති බවය.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී නියත පරාජය හමුවේ වියරු වැටී සිටින ආණ්ඩුවට හිතවාදී ප්‍රචාරක කණ්ඩායම් විසින් අසත්‍ය පුවත් නිර්මාණය කර, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන වැඩපිළිවෙලක නිරත වන බව ද මරික්කාර් මහතා අවධාරණය කරයි.

මරික්කාර් මහතා මෙසේ පැවැසූවද දැන ගැනීමට ඇති පරිදි මේ වන විටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආධාර කරුවන්ට ලැබී තිබෙන උපදෙස් පරිදි ඔවුන් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ කටයුතු වල යෙදී සිටි. විශේෂයෙන්ම සිරිසේන මහතාගේ බල ප්‍රදේශය වන පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ තත්වය හොඳින්ම දකින්නට ලැබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින මෛත්‍රීපාල සිරිසේනගේ සහය ප්‍රසිද්ධියේ ලබා ගැනීමේ නොහැකියාවකින් සජිත් පෙළෙන බව ඇත්තකි. විශේෂයෙන්ම කාදිනල් වරයා සජිත් ප්‍රේමදාට හෝ අනුර කුමාරට හෝ ඡන්දය ලබා දෙන ලෙස ප්‍රසිද්ධියේ පැවැසීම තුළ සිරිසේන මහතාගේ සහය ලබාගැනීම ප්‍රසිද්ධියේ සිදු වුවහොත් සජබයට කතොලික ඡන්ද නොලැබී යාමේ අනතුරක් පවතී. සජිත්-සිරිසෙන එකඟතාවයක් ගැන සමාජ මාධ්‍ය තුළ පවතින කසුකුසුවට සජබය බිය වී ඇත්තේ ඒ නිසාය.

මේ අතර කාදිනල් වරයා අනුර කුමාරටත් ඡ්නදය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ කවර පදනමකින්දැයි ගැටළුවක් ඇතිව තිබේ. මන්ද මෙම ප්‍රහාරය සිදු කළ ඉස්ලාම් අන්තවාදීන් දෙදෙනෙකුගේ පියා වූ අය ජනතා විමුක්ති පෙරමුණෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයකු වී සිටීමත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිවැරදිව නොකළේ යැයි කාදිනල් වරයාගේ චෝදනාවට ලක්ව සිටි ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුත් අනුරගේ වේදිකාව තුළ සිටීමත් නිසාය.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us