සජබ ආණ්ඩුවේ හොඳම ඇමැතිකම් ටික පිටින් ආපු අයට. දරදිය ඇද්ද අයට ඉතිරි වෙන ටික.   Featured

Published in Gossip
Thursday, 15 August 2024 10:12

සමගි ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවක අමාත්‍ය ධූරයන් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂය තුළ බරපතල ගැටුමකට හේතු වී ඇති බව වාර්තා වේ.

අගමැති ධුරය සහ ප්‍රධාන කැබිනට් ඇමැති ධුර පහ සම්බන්ධයෙන් වගකීම් පැවැරීමට මීට ප්‍රථම සජබයේ ප්‍රබලයන් නම් කර තිබුණද මේ වන විට සජබයට පිටස්තර පක්ෂ වලින් එකතුවූ පක්ෂ වල පිරිස් වලට පොරොන්දු වීම නිසා මේම ගැටුම්කාරිත්වය ඇතිව තිබේ. කෙසේ නමුත් පිටස්තරයන් එකතු කර ගැනීමට ප්‍රථමවද ප්‍රධාන ඇමැතිකම් සම්බන්ධයෙන් සජබයේ කුලල්කා ගැනිමක් සිදු තිබිණි. ඒ අනුව අගමැතිධුරය සඳහා තරගයක් විය. ඒ අතර සරත් ෆොන්සේකා, ලක්ෂමන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරියෙන්ම සිටියේය. පසුව ෆොන්සේකා පක්ෂයෙන්ම ඉවත් විය. නමුත් මේ වන විට ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක එම තරගයට පිවිස ඇත. ඇතැම් තොරතුරු මාර්ග පවසන්නේ සජිත් මේ සියළු දෙනාටම පොරොන්දු දී ඇති බවය. ඒ අතර චම්පික රණවකට විදුලි බල හා බලශක්ති ඇමැති ධුරයද පොරොන්දු වී ඇති බවද වාර්ථා වී තිබිණි.

මේ අතර මුදල් ඇමැති ධුරය ලබා ගැනීමට හර්ෂ ද සිල්වා සහ කබීර් හසීම් සූදානමින් පසුවෙන් බවත් දැන ගැනීට ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ උප්දේශකයකු වූ නාලක ගොඩහේවා මේ වන විටත් සජිත්ගේ ආර්ථික උපදේශකයකු වී ඇති බැවින් ඔහුට මෙය හිමි වීමේ ඉඩ කඩ වැඩි බවත් පැවැසේ. වරාය සහ නාවික, විදේශ, විදේශ සේවා කටයුතු, විදේශ ආයෝජන, කෘෂිකර්ම හා ධීවර, සෞඛ්‍ය යන අමාත්‍යංශ සජබයට එක්ව සිටින පිටස්තර පාර්ශ්ව වෙත ලබා දීමට පොරොන්දු ලබා දීම සිදු ඇත බවත් පැවැසේ. මේ අනුව මුදල්මය වශයෙන් වැඩි වගකීම් ඇති ව්‍යාපෘති වැඩි වශයෙන් ලැබෙන අමාත්‍යංශයන් සියල්ලම පාහේ සජබයෙන් පිටතට යෑම සිදු වීම මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක් වර්ධනය කිරීමට සමත්ව ඇත.

ඒ අතර දයාසිරි, තිලංග, චන්දිම, අර්ජුන, ඩිලාන්, චන්න, මනෝ, දිගම්බරම්, හකීම්, රිෂාඩ්, ජනරල් මහේෂ්,ජනරල් දයා, රාධක්‍රිෂ්ණ,වසන්ත යාපා වැනි අය කැබිනට් අමාත්‍යධුර සහ තවත් වරප්‍රසාද පොරොන්දු ප්‍රකාරව සජිත්ගේ ජනාධිපතිවරණයට සහය වන පිටස්තරය පක්ෂ සාමාජිකයන් වේ.

මෙම ඇමැතිධුර තීරණය කිරීම සජිත්ගේ සෙවනැල්ල මෙන් සිටින් ලක්ෂමන් ෆොන්සේනා සහ සජිත්ගේ බිරිද ජලනි ප්‍රේමදාස විසින් තිරණය කරනු ලබන බවද එම පක්ෂ ආරංචි මාරග පවසයි. මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුමද මේ දෙදෙනා විසින් සිදුකරමින් ඇත.

මේ අතර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරතිබෙන්නේ තම ආණ්ඩුවක අමාත්‍යවරුන් දුෂ්කර ක්‍රියා කිරීමට සූදානම් විය යුතු බවය. එම පණිවිඩය සජබය ගොඩනැගීමට දරදිය ඇද්ද පිරිසට දුන් එකක් බව පැහැදිලිය.

Last modified on Thursday, 15 August 2024 10:36

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us