මාලිමා ආණ්ඩුවේ ඇමතිලාට ජවිපෙන් උපදේශක මණ්ඩලයකුත් පත් කරනවාලු.   Featured

Published in Gossip
Thursday, 15 August 2024 10:10

ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත. එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.

එම උපදේශකයන් අදාළ විෂයන් සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන් වනු ඇති අතර එම අමාත්‍යංශයෙන් ඉදිරියේදී ගනු ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් විසින් උපදේශ ලබා දෙනු ඇතැයි ද කියා සිටියි.

කොළඹදී එම පක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පවසා ඇත.

කැබිනට් ඇමැතිවරුන්ට උපදේශකයන් පත් කිරීම ඇමැති නඩත්තුව සඳහා රාජ්‍ය ආදායම මත වැටෙන තවත් වැය බරක් වීම නොවැලැක්විය හැකිය. මේ අය නොමිලයේ වැඩ කරනවා යැයි පැවැසිය හැකි නමුදු මේ උපදේශකයන් වෙනුවෙන් වැය කරන කාලය අවස්ථාවන් අනුව හෝ නිකරුණේ මුදල් නාස්තියක් වීම වැලැක්විය නොහැක.

ජවිපෙ මීට පෙරද අමාත්‍යංශ හතරක වගකීම භාරගෙන කටයුතු කළ කාලයේදීද ජවිපෙන් උපදේශකයන් රොත්තක් පත් කර සිටියේය. ඒ අය වෙනුවෙන් වාහන ලබා දීම, ඔවුන්ගේ ලේකම්වරු ඇතුළු කාර්ය මණ්ඩල නඩත්තුවද එම අමාත්‍යංශ විසින්ම දැරුවේය.

කෙසේ නමුත් එදා එම උපදේශකයන්ගේ උපදෙස් අනුවමත් ජවිපෙ කැබිනට් ඇමැති වරු 4 දෙනාට සහ නියෝජ්‍ය ඇමැතිවරු හතර දෙනාට එම අමාත්‍යංශ හතර සාර්ථකව කර ගැනීමට නොහැකි විය. මාධ්‍ය සංදර්ශන වලට සීමා වූ ජනප්‍රිය වැඩ තේරීම පමණක් සිදු විය. මේ අමැතිවරු හතර දෙනා සිදු කළා යැයි කියන වැදගත් කිසිවක් නැත.

අනුර කුමාර ඇමැති ධුරය දැරූ කෘෂිකර්ම අමාත්‍යංශය වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කරනවා යැයි කියමින් විශාල සංදර්ශනයක් සිද කළේය. අඩුම තරමින් ප්‍රතිසංස්කරණය කළා යනුවෙන් ඉදිරිපත් කිරීමට කුඩා ග්‍රාමීය වැව් සියයකවත් ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. තවත් මහ වැඩක් කළා යැයි පෙන්වන වෙහෙරගල ජලාශය ඉදිකිරීම සහ වේල්ල බැඳීමත් මෙරට කීර්තිමත් වාරිමාර්ග ඉංජිනේරුවන් දෙදෙනෙකුගේ මැදිහත් වීම සහ එවකට මුදල් අමාත්‍යංශ ලේකම් පී බී ජයසුන්දරගේ අධීක්ෂණය යටතේ ආරම්භ වූවකි.

අඩුම තරමින් එම යෝජනාවවත් අනුරගේ නොවීය. එය ලුණුගම්වෙහෙර ගොවීන්ගේ බලවත් ඉල්ලීම මත වසර කිහිපයක් තිස්සේ සැලසුම් කළ ව්‍යාපෘතියකි. අනුර එදා ජනාධිපති චන්ද්‍රිකා සහ අගමැති මහින්ද සමගින් මුල්ගල් තැබුවා පමණි. එය අවසන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේදීය.

අනෙක් ජවිපෙ අමාත්‍යංශ ගැන කතා කිරීමට එලෙසවත් කිසිවක් සිදුව තිබුණේ නැත. අවසානයේ දී තමන්ගේ නොහැකියාව වසා ගැනීමට සුනාමි සහන මණ්ඩලය ගැන ප්‍රශ්නයක් ඇද ගනිමින් චන්ද්‍රිකා විරෝධයක් පෙන්වා ඇමැතිකම් වලින් ඉවත්ව අගමැති මහින්දව ජනාධිපති කරවීමේ මැතිවරණ මෙහෙයුම බාරගත්තේය. ඒ වෙනුවෙන් සුනාමි ආධාර සඳහා පිහිටුවනු ලැබු හෙල්පින් හම්බන්තොට අරමුදලේ මුදල් වැය කරන ලදී. ඒ කාලයේ ජවිපෙ නඩත්තු වූයේ ද මේ මුදලිනි. කෙසේ නමුත් ජවිපෙ තරම දන්නා මහින්ද යළි ජවිපෙ ආණ්ඩුවට සම්බන්ධ කර නොගත්තේය.

Last modified on Thursday, 15 August 2024 10:16

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us