සජිත්ව අගමැති කරන්න නාමල් සැරසේ   Featured

Published in Gossip
Monday, 05 August 2024 10:44

පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) දෙකඩවීම මතු ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි ඇති බැවින් එම අවස්ථාව යොදු ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අගමැතිවරයා ලෙස පත් කරගැනීමේ හැකියාවක් ඇති බව පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පාර්ශ්වය සහ සමගි ජන බලවේගයේ ප්‍රබලයන් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව දැනගැනීමට තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති හෙයින්, නාමල් රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කිරීමට ද තීරණය කර ඇත.

මේ අනුව නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමේ සුදානමකින් සිටින බවත් එම ආරංචිමාර්ග පවසයි.

එසේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් රාජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනා මේ සතියේදී සිය මැති ඇමති තනතුරු වලින් ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය දිනවල නාමල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය අතර රහසිගත සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වුවත් එම දෙපාර්ශ්වය එය ප්‍රතික්ෂේප කර තිබිණි. නමුත් මේ සිදුවන දේශපාලනික වර්ධනයන් අනුව දෙපාර්ශ්වය අනෝන්‍ය අවබෝධයක් මත කටයුතු කරන බව පැහැදිලිය. එම තොරතුරු අනුව සජිත්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් බර පැන දැරීමට නාමල් පාර්ශ්වය එකඟව තිබු බවත් පැවැසිනි.

දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව අගෝස්තු 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි පැවැසේ.

සාමාන්‍ය පනතක් සම්මත කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 (සරල බහුතරය) මේ හේතුවෙන් අහිමිව ගොස් ඇතැයි පැවසුවද නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලන්සා පවසන්නේ මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වූ විට ආණ්ඩුවේ බහුතර බලය පෙන්වීමට සුදානම් බවයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවීමේ දිනය ලං වෙමින් පවතින හෙයින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡාද ඒ ඒ දේශපාලන පක්ෂ ඉතා ප්‍රබල අදියරකින් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවෙන්නේ මෙම මස 15 වැනිදාය.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us