පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර.. Featured

Published in Gossip
Friday, 16 August 2024 23:48

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැලියෙන්ම පෙනෙන්නට තිබිණි.

පාඨලී මීට පෙර අවස්ථාවකදී සජබයෙන් ඉවත් වීමට ප්‍රධාන හේතුවක් වූයේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා, ඔහු සජබය තුළ තමන්ගෙ කල්ලියක් ගොඩනගා ගෙන පක්ෂ නායකත්වය අත්පත්කරගැනීමට ගැනීමට ගත් උත්සාහයන් හමුවේ සජිත් විසින් ඔහුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර අවසානයේ පක්ෂයෙන් ඉවත් කරන තැනට අර්බුදයක් වර්ධනය වීම නිසාය. පාඨලී 43 පරපුර යනුවෙන් වෙනම සංවිධානයක් ගොඩනගා සජබයෙන් ඉවත් වූයේ ඒ අනුවය.

කෙසේ හෝ මේ වන විට නැවත සජබයට එක්වීම සඳහා පාඨලී සමත්ව තිබේ. නමුත් පාඨලී සමඟ සජබයෙන් ඉවත් වූ පාඨලීගෙ දිගු කාලීන සගයන් බහුතරය මෙවර ජනාධිපති රනිල්ට සහය පළ කරමින් ඇත.

මේ තත්වයන් හමුවේ මෙවර පාඨලී සජබයට එක් වීමේ අරමුණ සජිත්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය නොවන බව පැහැදිලිය. ඒ මන්ද යත් සජිත් ජනාධිපතිධුරය ලබා ගැනීම සිදු වුවහොත් පාඨලීට ඇමතිකමකින් පමණක් සෑහීමකට පත් වීමට සිදුවන බැවිනි. තමන්ට ඇමැති කමක් පමණක් අවශ්‍ය නම් මෙවර ජනාධිපති රනිල්ට සහය දී ඒ පහසුවෙන් අත්පත් කර ගැනීමේ හැකියාවක් තිබිණි. මේ නිසා පාඨලී සජිත්ට සහයෝගය ලබාදෙන්නේ හුදු ඇමතිකමකට නොවන බව පැහැදිලිය.

සජිත්ට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම සිදු කළ නොහැකි බව මේ වන විටත් පැහැදිලිය. ජනාධිපති රනිල්ගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේම සිය ජයග්‍රහණය තහවුරු කරගෙනය. මේ අනුව නියත ලෙසම සජිත් පරාජය වීමෙන් පසුව පක්ෂ අභ්‍යන්තරයෙ ඇති වන නායකත්ව ගැ‍ටුම තමන්ගේ වාසියට යොදා ගෙන පක්ෂ නායකත්වයත්, විපක්ෂ නායකත්වයත් අත්පත් කරගැනීම පාඨලීගේ අරමුණ විය හැකිය. එමගින් සජිත්ගේ දේශපාලනය අවසන් කර 2029 ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම බලාපොරොත්තු වනවා ඇත.

කුරුණෑගල පළමු රැළියෙන්ම ඔහු සජිත්ගේ නායකත්වය පහළට ඇද දමා ඇති බව පැහැදිලිය. ඒ අනුව හෙට අනිද්දා වන විට පක්ෂය තුළ ඔහුගේම කණ්ඩායමක් ගොඩනගා ගැනීමත් සිදු කරනු ඇත. මේ වන විට ඊට පහසු අවස්ථාවක්ද ඇත. මන්ද සජිත්ගේ නායකත්වය කෙරෙහි කළකිරී ඇති සජබ ප්‍රබලයන් ගනන සීග්‍රයෙන් වර්ධනය වී ඇති නිසාය. නමුත් ඔවුන් පක්ෂය හැර නොයන්නේ එළැඹෙන මහ මැතිවරණයකදී මන්ත්‍රී ධුරය රැක ගැනීමේ පහසුවක් සජබය තුළ සිටීමෙන් ඔවුන්ට අත්පත් වන නිසාය.

කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරණ සටන දියත්ව ඇති නිසා සජිත්ට පසුගිය වර මෙන් මෙවර පාඨලීව හෝ තමන් සමඟ කළකිරී ඇති පිරිස පන්නා දැමීම සිදු කිරීමේ හැකියාවක් නැත. කිරි නිසා විසි කරන්නත් බැරි උණු නිසා බොන්නත් බැරි තත්වයක් පාඨලී සම්බන්ධයෙන් ඇත. සජබයේ සජිත් හිතවාදී ඇතැම් නායකයන් තැන තැන් වල කසුකුසු ගාන්නේ ලොක්කා අහක යන නයෙක් රෙද්දස්සේ දාගෙන හෙට අනිද්දා වන විට කනවො කනවෝ කියා කෑ ගසනු ඇති බවය. ඒ කොහොම වුණත් නයි මුගටි මෙන් සිටි සජිත්-පාඨලී අතර හදිස්සියේ එකමුතුභාවයක් ඇති කිරීම සඳහා කපුකම කළේ කවුද යන්න ගැන බරපතල සැකයක්ද සජබයේ මේ නායකයන්ට ඇතිව තිබේ. සජිත් කාගේ හෝ නැව් කඹයක් ගිල ඇති බවත් මේ අය පවසයි.

ඇතැමුන් කියන්නේ මේක රනිල් ගහපු ගේමක් කියාය. සජිත්ව දේශපාලනයෙන් අතුගා දැමීම රනිල්ගේ දැඩි වුවමණාවක් වන නිසාත් සජිත් සහ ඔහුගේ ආර්ථික උපදේශකයන් වන ජී එල්, නාලක ගොඩහේවා වැනන්වුන්ගේ බාධා කිරීම් ඉවත් කිරීම වෙනුවෙන් පාඨලීව ඇතුළට එවීම රනිල්ගේ වැඩක් විය හැකි බව මේ අය සැක කරයි. අනෙක් කාරණය රනිල් විසින් ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වඩාත් සාර්ථකව කරගෙන යාමට ඒ සඳහා සහය වන විපක්ෂයක් තිබීම රනිල් අපේක්ෂා කරන්නකි. පාඨලී, හර්ෂ කබීර් වැන්නවුන් මෙන් රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිමය ලෙස පිළිගන්නා අයකුවේ.

මේ නිසා සජිත් පරාජය කිරීමේ වාසිය පාඨළීට ලබා දී රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිගන්නා සහ එය තව දුරටත් ශක්තිමත් කරන විපක්ෂයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් රනිල්ගේ සහයෝගය පාඨලීට ලබා දීමක් මෙහිදී සිදුව ඇති බවත් සජබයේ සෙසු නායකයන් අතර කතා බහක් ඇතිව තිබේ.

කිසිදා පාඨලී හැර නොගිය ඔහුගේ ගෝලබාලයන් සියළු දෙනාම පාහේ රනිල් සමඟ සිටීමත් මේ සැකය තිව්ර කර තිබේ.

මේ අතර අනුර කුමාර විපක්ෂයෙහි බලවත් වුවහොත් රනිල්ට ලෙහෙසි නොවනු ඇතැයි ඇතැමුන් පැවැසුවත්, අනුර කුමාර නම් තමාගේ පාලනය යටතේ සිටින බව රනිල් පවසන්නේ යැයි ඔහුගේ සමීපතමයන් පවසයි. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් ගැටළුවක් ඔහුට නොමැති බව පෙන්වා දෙයි.

කොහොම නමුත් දේශපාලන ක්ෂේත්‍රය දවසින් දවස වෙනස් වෙමින් උණුසුම් වෙමින් ගලා ගෙන යයි. ජනාධිපතිවරණ ප්‍රතිපළය විසින් බොහෝ තත්වයන් විසඳීම හෝ අවුල් කිරීමත් විය හැකිය.

champika sjb 1champika sjb 2

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us