2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.
News Items (18842)
හිටපු අමාත්‍යවරයකු මෙන්ම ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඇතුළු ස්වාධීන කණ්ඩායමක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට ඉදිරිපත්ව ඇත.
ගෑස් පෝළිම් නැති කළ ජනපති ගෑස් සිලින්ඩරයෙන්ම තරඟ බිමට
2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබේ.
තරුණයන් වෙනුවෙන් වැඩියෙන්ම පෙනී හිටපු මන්ත්‍රීවරයා ප්‍රේමනාත් සී. දොලවත්ත
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මහජනතාව දැනුම්වත් කරන ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන manthri.lk වෙබ් අඩවිය පසුගිය 13 වන දිනට යෙදී තිබුණු " ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙරට තරුණයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දක්වා තිබෙන දායකත්ව පිළිබඳ ශ්‍රේණිගත කිරීමක් කර තිබිණි.
2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවයි
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ( සංවර්ධන හා සන්නිවේදන) වරුණ දීප්ත රාජපක්ෂ මහතා සේවයෙන් ඉල්ලා අස් වී තිබේ.
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට එක්වූවේය.
