ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බවට වන ආරංචිය ලබාදුන්නේය.
සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්රභල මන්ත්රී වරයෙක් වන වේලු කුමාර් 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඔහු සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.