ජලභීතිකා රෝගයෙන් පුද්ගලයන් 11 දෙනෙක් ජීවිතක්ෂයට

Published in පුවත්
Thursday, 15 August 2024 11:50

ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවය.

අතුල ලියනපතිරණ මහතා වැඩිදුරටත් සදහන් කළේ

"දැනුවත්කම මදභාවය නිසාම තමා ජලභීතිකාව නිසා සිදුවන මරණ සිදුවෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඊට කලින් අවුරුද්දට වැඩිය මරණ සංඛ්‍යාව භාගයකට අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ දැනටමත් මරණ 11ක් විතර වාර්තා වෙනවා. මේ සියලුම මරණ සිදුවෙලා තියෙන්නේ අපි දෙන ප්‍රතිකාර නිසිලෙස සිදුනොකිරීම නිසයි. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක විතර ඇන්ටි රේබීස් වැක්සින් එක ලබාදෙනවා. වඩා උග්‍ර සපාකෑමට ලක්වූ අවස්ථාවක ඊට අදාළ එන්නතත් රෝහල් 100ක පමණ ලබාදෙනවා. මේක නොමිලේ ලබාදෙන්නේ. අපි කළ යුත්තේ සපා කෑමකට ලක්වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි. බොහෝ විට මෙය බෝවෙන්නේ ජලභීතිකාව බෝකළ හැකි ක්ෂීරපායි සත්වයෙකුගේ සපාකෑමකින්. එහෙම නැත්නම් අපේ පවතින තුවාලයක් මත ජලභීතිකාව තියෙන සතෙක් ලෙව කෑවොත්. ඒ වගේම ඇස් ආශ්‍රිතව, නාසය, මුඛය සහ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව තියෙන ශ්ලේෂ්මල පටල හරහා වුණත් තුවාලයක් නැතුව මෙය ශරීර ගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෛරසය ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න යන කාලය සති තුනක් - මාස තුනක් අතර වෙනවා. යම් කෙනෙක් ඉන්නවා සතෙකුගේ සපාකෑමකට ලක්වෙලා තවමත් ජලභීතිකා එන්නත ලබාගත්තේ නැති, දැන් කාලා සතියක් දෙකක් ගියානේ කියලා හිතන්නේ නැතුව මාස තුනක් දක්වා වුණත් අපි එන්නත ලබාදෙන්න කටයුතු කරනවා." යනුවෙනි. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us