අමතර ගිනි අවියක් ලෙස රිපීටර් අවි ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ.

පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය අද දින (16) තව ස්වල්ප මොහොතකින් කොළඹ වොර්ටස් එජ් හෝටල් පරිශ්‍රයේ සිට එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.

අප්‍රිකානු මහද්වීපයෙන් පිටත වාර්තා වූ ප්‍රථම මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් වාර්තාවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි. 

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කරනවා.

2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද(16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us