ස්වීඩනයෙන් මංකිපොක්ස් රෝගියෙක්

Published in විදෙස්
Friday, 16 August 2024 09:41

අප්‍රිකානු මහද්වීපයෙන් පිටත වාර්තා වූ ප්‍රථම මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් වාර්තාවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි. 

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම ප්‍රභේදය වේගයෙන් ව්‍යප්ත වන ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇති බවය.

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන 'එම්පොක්ස්' හෙවත් 'මංකිපොක්ස්' වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණි.

කොංගෝ හි එම රෝගය වැළඳී පුද්ගලයින් 450ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ආසාදිත වූ ගණන 14,000කට ආසන්නය.

මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ 'මංකිපොක්ස්' යනුවෙනි.

'එම්පොක්ස්' ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙයි. සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් ය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us