News Items (18842)
මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කල හිරුට මැතිවරණ කොමිසමෙන් දැඩි අවවාද
‘හිරු’ මාධ්‍ය ජාලය පොදු සංඛ්‍යාත හා ගුවන්කාලය අවභාවිතා කර මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙන් වලකින්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා හිරු මාධ්‍යජාලයට දැනුම් දෙයි.
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) සිදුකිරීමට නියමිතව තිබේ.
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.
2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
දුප්පත්කම තුරන් කිරීමට ධාරිතා සංවර්ධනය - සාගල රත්නායක
දුප්පත්කම තුරන් කිරීම, ලංකාව තුළ හැමදාමත් කතා බහට ලක්වුණ මාතෘකාවක්. අදටත් මේක විසඳාගත යුතු ගැටලුවක් විදිහට තියෙනවා. මේ දිනවල දේශපාලන වේදිකාවල දුප්පත්කමට විසඳුම් යෝජනා විශාල ලෙස ඉදිරිපත් වෙනවා. පොරොන්දු පිට පොරොන්දු දෙනවා. නිදහසෙන් පසු දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් වැඩසටහන් අති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලත් තියෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධානය අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වුණි.
එළැඹෙන ජනාධිපතිවරණයේදී ආබාධිත පුද්ගලයින් ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ට නිකුත්කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
අද සිට දින 02 ක වර්ජනයකට ග්‍රාම නිලධාරීන් සැරසෙයි
අද (14) සිට ලබන 16 වැනිදා දක්වා, සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් දින තුනක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, ඇතුළු පාර්ශව ඒකරාශී වෙමින් ගොඩනගා තිබෙන පොදුජන එක්සත් පෙරමුණ ජනගත කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින බව වාර්තාවේ.
ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ නාමයෝජනා සඳහා අත්සන් තබයි
ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ නාම යෝජනාවලට අත්සන් තබා තිබේ.
