ඊශ්‍රායලයට පහර දීමෙන් වළකින ලෙස බටහිර රටවල් කරන ලද ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කරයි

Published in විදෙස්
Wednesday, 14 August 2024 09:46

පසුගිය මාසයේ ටෙහෙරානයේ දී හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු ඊශ්‍රායලයට එරෙහි එහි තර්ජනය නතර කරන ලෙස ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය කළ ඉල්ලීම් ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ(12)දිනයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, කලාපීය ආතතීන් තව දුරටත් තීව්‍ර කරන ගාසා සටන් විරාමයක් වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟ වීමට ඇති අවස්ථාව අනතුරේ හෙළන ප්‍රහාරවලින් වළකින ලෙස ඉරානයෙන් හා අනෙකුත් පාර්ශව වලින් ඉල්ලා සිටින බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නසාර් කනානි ප්‍රක්ෂයක් නිකුත් කරමින් කියා තිබුණේ, යුරෝපීය රටවල් ඊශ්‍රායලයේ ජාත්‍යන්තර අපරාධවලට කිසිදු විරෝධයක් නොදැක්වූ බවත්, ඉරානයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමකට ප්‍රතිචාර නොදක්වන ලෙස නොසැලකිලිමත් ලෙස ඉල්ලා ඇති බවත්, ඉරානය විසින් ගාසාවේ යුද්ධයට සහ ඊශ්‍රායලයේ යුද ගැටුම්වලට එරෙහිව එක්වරම නැගී සිටින ලෙස රටවල් තුනකින් ඉල්ලා සිටි බවයි.

මේ වන විට පෙන්ටගනය ඕනෑම ප්‍රහාරයකින් ඊශ්‍රායලය අරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගුවන් යානා වාහක ප්‍රහාරක කණ්ඩායමක් මෙන්ම බැලිස්ටික් මිසයිල සබ්මැරීනයක් මැද පෙරදිගට යවා ඇති අතර මේ සම්බන්ධයෙන් ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැඩිදුරටත් සිය ප්‍රකාශනයේදී කියා තිබුණේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අකර්මන්‍යතාවය සහ බටහිර ආන්ඩු ඊශ්‍රායලයට ලබා දෙන පුලුල් දේශපාලනික සහ මිලිටරි සහයෝගය ගාසා අර්බුදයේ කලාපීය ප්‍රසාරනය පිටුපස ඇති ප්‍රධාන සාධක ව ඇති බවයි.

 

(අවුට්බවුන්ඩ් ටුඩේ)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us