මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කල හිරුට මැතිවරණ කොමිසමෙන් දැඩි අවවාද

Published in පුවත්
Thursday, 15 August 2024 09:11

‘හිරු’ මාධ්‍ය ජාලය පොදු සංඛ්‍යාත හා ගුවන්කාලය අවභාවිතා කර මැතිවරණ නීති උල්ලංඝණය කිරීමෙන් වලකින්නැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා හිරු මාධ්‍යජාලයට දැනුම් දෙයි.

 

පසුගිය 06, 07, හා 08 යන දිනයන්හි හිරු පත්තරේ විස්තරේ වැඩසටහන අතරතුරදී අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සදහන් කරමින් මාධ්‍ය සදාචාරයන්ට නොගැලපෙන හා දැඩි පක්ෂපාතීත්වයෙන් යුතුව එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයෙන් අදහස් දැක්වීම, පොදු සංඛ්‍යාත හා ගුවන් කාලය භාවිතා කරමින් තමන්ට රිසි අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂයන්ට අපහාස වන ආකාරයෙන් කටයුතු කර ඇති බවට කිරීම හිරු මාධ්‍ය ජාලයට චෝදනා එල්ල වී තිබේ.
මැතිවරණ කොමසාරිස් පවසන්නේ ජනාධිපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මැතිවරණ කොමිසන් සභාව 2024.07.26 දිනැතිව නිකුත් කරන ලද අංක 239/57 දරණ ගැසට් පත්‍රයේ සදහන් මාධ්‍ය උපමාණ වලට පටහැනිව කටයුතු කරන බවයි.
එම උපදෙස් නොතකා කටයුතු කිරීම ඡන්ද විමසීම අතරතුර බලපැවැත්වෙන නීති උල්ලංඝණය කිරීමක් බවද 2024-08-13 වන දින ලිපියක් මගින් මැතිවරණ කොමසාරිස්වරයා හිරු මාධ්‍ය ජාලයට දැනුම් දී තිබේ.

WhatsApp Image 2024 08 14 at 22.53.04 2ff5c414

WhatsApp Image 2024 08 14 at 22.53.11 ebd0ec6d

Last modified on Thursday, 15 August 2024 09:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us