ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ නාමයෝජනා සඳහා අත්සන් තබයි

Published in පුවත්
Wednesday, 14 August 2024 11:04

ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ නාම යෝජනාවලට අත්සන් තබා තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී විජයදාස මහතා නාමයෝජනා සඳහා අත්සන් තැබූ බවයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සහයෝගයෙන් ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බව සඳහන් ආරම්භයේදී සඳහන් වෙයි.

නමුත් සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළ කරන්නේදැයි මාධ්‍යවේදියෙක් විමසු විට ඊට ප්‍රතිචාර දක්වමින් විජයදාස මහතා පැවසුවේ.."එහෙම ආරංචියක් තියෙනවා.  එතුමාගේ සහාය ලැබෙයි. ලැබුණොත් භාරගන්නවා. නැති වුණත් භාරගන්නවා..." යනුවෙනි.

 

- ada derana 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us