ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා මේ වන විට පක්ෂ 35ක් පමණ ඒකරාශී වී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසුවේය.

2024 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තාවේ.

කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පඩි පාලක සභාව ඊයේ රැස් වූ අතර, එහිදී වතු කම්කරුවන්ට දිනකට ලබා දෙන දීමනාව රු. 1700 දක්වා ඉහළ දැමීමට එකඟතාවය පළ වී ඇත.

සජිත් ප්‍රේමදාසට රට ගොඩනැගිය හැකි බවට තමන්ට විශ්වාසයක් නැති බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ ආර්ථිකය ස්ථාවර කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අයෙකු රටේ ජනාධිපති ධුරයට ඉදිරියේදී පත් වුවහොත් නිශ්චිතවම මේ සියල්ල කඩා වැටෙන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

අනාගත පරපුරට යහපත් පෘථිවි තලයක් ඉතිරි කිරීම පෙරදැරිව සොබාදහම සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද (13) රාත්‍රීයේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස 3.00ට කොළඹ – 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරේ.

අගෝස්තු මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ අතර, අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

Connet With Us