ජල ගාස්තුව අඩු කෙරේ

Published in පුවත්
Tuesday, 13 August 2024 12:20

ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

2024-07-16 දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම්ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව රජය පවසයි.

ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට හතකින් ද රජයේ රෝහල් සඳහා සියයට 4.5 කින් ද , පාසල් සහ පුණ්‍යායතන සඳහා සියයට 6.3 කින් ද ජල ගාස්තු අඩු කිරීමට නියමිතය.

මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය සියයට 5.94කි.

මෙම ජල ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us