නාමල්ට අභියෝගයක්!

Published in පුවත්
Tuesday, 13 August 2024 12:24

එළඹෙන ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂට ඇති අභියෝගය වන්නේ සීලරතන හාමුදුරුවන්ට වඩා එක ජන්දයක් හෝ වැඩියෙන් ගැනීම බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රට බෙර ගැනීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට මිනිස්සු ආදරය කළාට ඒ පවුලටම මිනිස්සු ආදරය නොකරන බවද රණතුංග මහතා කියා සිටියි.

එසේ විය යුතුද නැති බවයි ඔහු පවසන්නේ.

”මහින්ද රාජපක්ෂ මහත්තයට අපි අදටත් ආදරෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තුන්වෙනුවත් මව්බිම කියල. එහෙම නම් මව් බිම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි පොහොට්ටුවේ බහුතරයක් පාර්ලිමේන්තුවේ ට වේවා පළාත් සභාවේ වේවා පළාත් පාලන වේවා ඒ හැමෝගෙම බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්නේ මේ රට ආර්ථික අර්බුදයෙන් පීඩාවෙන් ගොඩ දාපු නිසා. ඒ නිසා මම විශ්වාස කරනවා රට බේරගත්ත නිසා මහින්ද මහත්තයට මිනිස්සු ආදරය කළාට ඒ පවුලේ හැමෝටම එහෙම ආදරය කරන්නේ නැහැ. මිනිසු එහෙම සලකන්න වුවමනාවකුත් නැහැ. රටට ආදරය මිනිස්සු මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. නාමල්ට අභියෝගය තියෙන්නේ සීලරතන හාමුදුරුවෝ එක්ක. හාමුදුරුවන්ට වඩා එක ජන්දයක් හරි වැඩියෙන් ගන්න.” යනුවෙන් ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියි.

LNW-

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us