ඇප මුදල් තැන්පත් කිරීම හෙට දහවල් 12න් අවසන්

Published in පුවත්
Tuesday, 13 August 2024 08:35

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 32කු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂ පක්ෂ 16ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ.

අද (13) දිනයේ ද තවත් පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අනිද්දා (15) පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර පෙරවරු 11 දක්වා එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

නාමයෝජනා භාරගැනීමේ දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us