News Items (18842)
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජාතිකත්වය මූලිකත්වය ගෙන කටයුතු කරන සමජයක් මධ්‍යයේ අප්‍රිකානු රූ රැජිණ තරඟයෙන් ඉවත් වීමට ඊට ඉදිරිපත් වූ Chidimma Adetshina කටයුතු කර තිබේ.
පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතවේ.
තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
රටක් ලෙස ගොඩ එනවා නම් එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර තිබෙන ගිවිසුම නිසා වන හෙයින් එම ගිවිසුම ආරක්ෂා කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස වගකීම් භාර ගැනීම ගැන ඉන්දියාව සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.
මනුෂ සහ හරින්ගෙ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම නිත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණය
අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය පවසනවා.
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යායුතුයි - නැතිනම් දැඩි දඩුවම්
රාජ්‍ය සේවකයන් සියලු දෙනා දිනකට 5 වතාවක් පල්ලි යා යුතු බවට ඇෆ්ගන් තලේබාන් උත්තරීතර නායක හිබතුල්ලා අකුන්ඩ්සාදා නියෝග කර තිබෙනවා.
